Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුමාර හැළඹගේ දකුණු පළාත් ක‍්‍රිකට් පරිපාලන කමිටුවට එයි

කුමාර හැළඹගේ දකුණු පළාත් ක‍්‍රිකට් පරිපාලන කමිටුවට එයි

යොහාන් භාසුර - 2020 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පත්කළ අතුරු කමිටුවක් යටතේ පාලනය වන දකුණු පළාත් ක‍්‍රිකට් සංගමයේ පරිපාලන කමිටුවේ සාමාජිකයකු ලෙස ගාල්ල දිස්ත‍්‍රික් ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කරන කුමාර හැළඹගේ මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

නිලවරණය සම්බන්ධයෙන් ගැටලූකාරී තත්ත්වයකට පත්ව තිබෙන දකුණු පළාත් ක‍්‍රිකට් සංගමයේ පරිපාලන කමිටුවට එම පළාතට අයත් දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගම් තුනේ සභාපතිවරු ඇතුළු නිලධාරීහූ පස්දෙනකු මේ දක්වා කටයුතු කළහ.

ගාල්ල දිස්ත‍්‍රික් ක‍්‍රිකට් පරිපාලනයේ ප‍්‍රබලයකු වන කුමාර හැළඹගේ මහතා මීට පෙර දකුණු පළාත් ක‍්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.    

 


අදහස් (0)

කුමාර හැළඹගේ දකුණු පළාත් ක‍්‍රිකට් පරිපාලන කමිටුවට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.