Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අබුඩාබිහි ෂේක් සයිඞ් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (31) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිල සියලූ දෙනා දැවී ලකුණු 204 ක් රැස් කළේය. පළමු දිනය වූ අද පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානු පිල පළමු ඉනිම වෙනුවෙන් එක කඩුල්ලක් දැවී ලකුණු 46 ක් ලබා සිටියේය.
කුරාම් මන්ෂූර් (21) දුවද්දී දැවී යෑමත් සමග දිනයේ ක‍්‍රීඩාව අවසන් කළේය.
ඇන්ජලෝ මැතිව්ස් වගකීම සිය හිස මතට ගෙන පන්දු 127 කදී හතරේ පහර 15 ක් සමගින් ලකුණු 91 ක් රැුස් කළේය. මෙය මැතිව්ස්ගේ 12 වැනි ටෙස්ට් අර්ධ ශතකය වන අතර මැතිව්ස් අනපේක්‍ෂිත ලෙස ස්ටම්ප් කිරීමකට හසුවීමෙන් ශතකය අහිමිවිය.
මෙහිදී මැතිව්ස්ට තම කඩුල්ල රැුකගැනීමේ සහ අනෙක් අන්තයේ කඩුල්ල ආරක්‍ෂා කිරීමේ වගකීම් දෙකම පැවරුණු අතර මැතිව්ස් එම වගකීම මැනවින් ඉටු කරමින් ලකුණු 200 ක් දක්වා රැගෙන ආවේය.
ඇන්ජලෝ මැතිව්ස් සහ ශාමින්ද එරංග නවවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 114 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක් පවත්වමින් ශී‍්‍ර ලංකා පිල ගෞරවනීය තත්ත්වයකට රැුගෙන ඒමට උත්සහ කළහ. ශාමින්ද එරංග පන්දු 44 ක් කඩුල්ල ආරක්‍ෂා කරගනිමින් නායකයා හො`ද සහයක් ලබා දුන්නේය.
සචිත‍්‍ර සේනානායක සහ රංගන හේරත් පිට පිටම පන්දු දෙකකදී හත්වැනි සහ අටවැනි කඩුලූ ලෙස දැවී යෑම ශ‍්‍රී ලංකාවට සුබදායී නොවීය.
ශ‍්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ අවසන් නිත්‍ය පිතිකරු වන ප‍්‍රසන්න ජයවර්ධන හයවැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමග ශ‍්‍රී ලංකා පිල දැඩි අසීරු අඩියකට ඇද වැටුණි.
ලකුණු හයක් තුළ ශ‍්‍රී ලංකාවට කඩුලූ තුනක් අහිමි වෙමින් කුමාර් සංගක්කාර ලකුණු 16 ක් ලබා සිටියදී පස්වැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමග පාකිස්තානුවෝ හිස එසවූහ.
ඉනිමේ 29 වැනි ඕවරයේ දෙවැනි සහ සිවුවැනි පන්දුවලදී මහේල ජයවර්ධන (05) සහ දිනේෂ් චන්දිමාල් (0) දැවී යෑමෙන් ලකුණු 76 කට කඩුලූ 4 ක් බවට පත්විය.
බිලාවල් භාටි යැවු එම ඕවරයේ දෙවැනි පන්දුවට කඩුලූ රකින අද්නන් අක්මාල් උඩ පන්දුවක් රැක ගැනීමෙන් මහේල දැවී ගිය ද, එම පන්දුව නිපන්දුවක් බවට තෙවැනි විනිසුරු තහවුරු කිරීමෙන් පසුව මහේලට තවදුරටත් කඩුල්ලේ රැුදී සිටිමේ අවස්ථාව උදාවිය.
බිලාවල් භාටි යැවූ ඊළග පන්දුවට නැවතත් කඩුලූ රකින්නාට උඩ පන්දුවක් දීමෙන් මහේල පිටියෙන් ඉවත් වූයේ නිපන්දුවෙන් ලැබුණු වාසියේ උණුසුම මැකී යෑමට ද පෙරය.
දිවා විවේකයෙන් පසු පළමු ඕවරයේ සිවුවැනි පන්දුවේදී කෞෂාල් සිල්වා ලකුණු 20 ක් ලබා දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. දිවා විවේකය සදහා තරගය නතර කරන විට ශ‍්‍රී ලංකාව එක කඩුල්ලක් දැවී ලකුණු 66 ක් ලබා සිටියේය.
දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා යොවුන් ආරම්භක පිතිකරු යුගළ පාකිස්තානු වේග පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් ලකුණු 57 ක සම්බන්ධතාවක් පවත්වමින් පෙරවරුවේ අවදානමෙන් ගලවා ගැනීමට සමත් වූහ.
දිමුත් කරුණාරත්න පන්දු 62 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 38 ක් ලබා සිටියදී ගලී ස්ථානයේ පන්දු රකිමින් සිටි අසාද් ශාෆික් රැකගත් විශිෂ්ට උඩ පන්දුව හමුවේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.
ජුනයිඞ් ඛාන් යැවූ ඉනිමේ 16 වැනි ඕවරයේ දෙවැනි පන්දුවට කෞෂාල් සිල්වා ලකුණු 18 ක් ලබා සිටියදී කඩුලූ රකින අද්නන් අක්මාල් උඩ පන්දුවක් රැුකගත් බවට විනිසුරු තීරණය විමසීමේ ක‍්‍රමවේදයට යොමු කළේය. එහිදී ද දැවී නොගිය බවට ප‍්‍රධාන විනිසුරු තීරණය තහවුරු විය.
මෙහිදී ශ‍්‍රී ලංකා පිතිකරුවන් අට දෙනෙකුම කඩුල්ලෙන් පිටු පසට උඩ පන්දු ලබාදී දැවී යෑම ගැටලූවක් බවට පත්විය. ජුනයිඞ් ඛාන් අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 58 කට කඩුලූ 5 ක් දවා ගත්තේය.
පාකිස්තානු නායක මිස්බා උල් හක් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට ශ‍්‍රී ලංකා පිලට ආරාධනා කළේය.
පිට දග පන්දු යවන සචිත‍්‍ර සේනානායක මෙහිදී ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ 125 වැනි ක‍්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම් ලැබීය. සචිත‍්‍ර මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 21 කදී කඩුලූ 18 ක් දවාගෙන සිටියේය. කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයකු වන 28 හැවිරිදි සචිත‍්‍ර පළමු පෙළ තරග 68 කදී කඩුලූ 358 ක් දවාගෙන තිබේ.
වසරකට ආසන්න කාලයකට පසුව ටෙස්ට් සංචිතයට පැමිණි කඩුලූ රකින ක‍්‍රීඩක ප‍්‍රසන්න ජයවර්ධනට, ළහිරු තිරිමාන්නගේ ස්ථානය හිමිවිය.
පාකිස්තානු පිලේ ප‍්‍රවීණතම වේග පන්දු යවන්නා වන උමාර් ගුල් මේ තරගයේදී විවේක ගන්වා ඇති අතර අහ්මඞ් ශෙෂාඞ් සහ බිලාවල් භාටි මෙහිදී පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගත්හ.
මෙම තරගයේදී ශ‍්‍රී ලංකා පිලට සචිත‍්‍ර සේනානායක, කෞෂාල් සිල්වා (3), දිමුත් කරුණාරත්න (6), දිනේෂ් චන්දිමාල් (7) සහ ශාමින්ද එරංග (7) යන ටෙස්ට් තරග 10 කට අඩුවෙන් ක‍්‍රීඩා කළ ක‍්‍රීඩකයන් පස් දෙනෙකු ක‍්‍රීඩා කිරීම කැපී පෙනේ.
අහ්මඞ් ශෙෂාඞ්, බිලාවල් භාටි සහ රහට් අලී (4), යන ක‍්‍රීඩකයන් තිදෙනා පාකිස්තානු ටෙස්ට් පිලට ආධුනිකයෝ වෙති.
ආබාධයකට ලක්ව සිටින ළහිරු තිරිමාන්නගේ සහභාගිත්වය අවිනිශ්චිත වීම නිසා එක්දින තරගාවලියට සහභාගි වූ කුසල් ජනිත් සංචිතයේ රදවා ගැනීමට කටයුතු කර තිබේ. කෙසේ වෙතත් තිරිමාන්න මේ දක්වා අබුඩාබිහි රැුදී සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.