Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුරුණෑගල යොවුන් පිල අවසන් පූර්ව වටයට

කුරුණෑගල යොවුන් පිල අවසන් පූර්ව වටයට

රොෂාන් ගුණරත්න - 2021 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දු යවන්නන්ගේ දක්ෂතාව හේතුවෙන් අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සඳහා සුදුසුකම් ලබාගැනීමට කුරුණෑගල යොවුන් පිල අද (16 වැනිදා) සමත්විය.

පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී එන්.සී.සී පිලට එරෙහිව ලකුණු 63 ක ජයක් හිමිකර ගැනීමට කුරුණෑගල යොවුන් පිලත් සමත්විය.
කුරුණෑගල යොවුන් පිලේ ගයාන් මනීෂාන් අර්ධ ශතකයක් (56) සහ සමීර සඳමාල් ලකුණු 48 ක් ලබාගනිමින් ලබාගනිමින් කුරුණෑගල යොවුන් පිල ලකුණු 150 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.

නවීන් ගුණවර්ධන කඩුලු 3 ක් ද, රංදීර රණසිංහ සහ රුවින් පිරීස් කඩුලු 2 බැගින් දවාගනිමින් ප්‍රබල එන්.සී.සී පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකරමින් කුරුණෑගල යොවුන් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

මේ මස 18 වැනිදා අවසන් පූර්ව තරග එන්.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත. සී.සී.සී සහ එස්.එස්.සී කණ්ඩායම් අතර පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙන අතර යුදහමුදා සහ කුරුණෑගල යොවුන් කණ්ඩායම් අතර දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වේ.

අවසන් මහා තරගය මේ මස 20 වැනිදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.


කුරුණෑගල යොවුන් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 155
(ගයාන් මනීෂාන් 56, ධනුෂ්ක ධර්මසිරි 26, සමීර සඳමාල් 48, ළහිරු කුමාර 17/4)

එන්.සී.සී - ඕවර 14.4 කදී සියලුදෙනා දැවී 92
(ඇන්ජලෝ පෙරේරා 27, හසිත බෝයගොඩ 21, නවීන් ගුණවර්ධන 14/3, රංදීර රණසිංහ 07/2, රුවින් පිරීස් 20/2)

 


අදහස් (0)

කුරුණෑගල යොවුන් පිල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.