Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුලරත්නයේ සත්සරගෙන් තුන් ඉරියව් දස්කම්

කුලරත්නයේ සත්සරගෙන් තුන් ඉරියව් දස්කම්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හලාවත ශාන්ත මරියා විදුහල සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල අතර හලාවත නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට පී. ද එස්. කුලරත්න විදුහල සමත් විය.

එහිදී පී. ද එස්. කුලරත්න විදුහලේ කවීෂ් සත්සර නොදැවී ලකුණු 100 ක් රැස්කරමින් සහ ලකුණු 67 කට කඩුලු 6 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූහ.


ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 46.4 කදී සියලු දෙනා දැවී 175   
(ෂෙනාල් අප්පුහාමි 55, මිනෝන් දේෂාන් 35, චාරුක තරිඳු 29, මනූෂ තීක්ෂන 41/3, ලකිල ටෙහාන් 50/3, අචල අකලංක 29/2, කවීෂ සත්සර 31/2)

පී. ද එස්. කුලරත්න විදුහල් පළමු ඉනිම - ඕවර 98.3 කදී කඩුලු 7 ක් දැවී 335      
(කවීෂ් සත්සර නොදැවී 100, තරිඳු හර්ෂන නොදැවී 69, රවිෂාන් නෙත්සර 30, කල්ප හර්ෂජිත් 28, ලකිල ටෙහාන් 25, චාරුක තරිඳු 62/2, දිලූෂාන් ජයසංක 95/2)

ශාන්ත මරියා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 46.4 කදී සියලු දෙනා දැවී 175   
(චාරුක තරිඳු නොදැවී 112, කවීෂ් සත්සර 36/4)

 

-036

 


අදහස් (0)

කුලරත්නයේ සත්සරගෙන් තුන් ඉරියව් දස්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.