Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විස්සයි20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පාකිස්තානයට බංග්ලාදේශයේ මීර්පූර්හිදී අද (1 වැනිදා) පැවති 2 වැනි කාණ්ඩයේ තරගයෙන් ලකුණු 84 ක ජයක් වාර්තා කිරීමට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව්ව සමත්විය.
ලකුණු 167 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන පිලට ඕවර 17.5 ක් තුළදී සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 82 ක් පමණි.
පාකිස්තාන පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාවම ලකුණු ලබාගැනීමට පෙර ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට කොදෙව් පන්දු යවන්නන් සමත්වූ අතර ලකුණු 10 කට කඩුලූ 3 ක් දවාගත් සැමුවෙල් බද්රි පාකිස්තාන පිලේ මුල් පෙළ පිතිකරුවන් අසරණ තත්ත්වයකට ඇද දැමුවේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 166 ක් ලබාගත්තේය.
ලකුණු 81 ක් වන විට කඩුලූ 5 ක් දැවී බටහිර ඉන්දීය කොදෙව් පිල අසිරු අඩියක පසුවූ මෙහොතේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 71 ක
සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඔසවා තැබීමට ඞ්වේන් බ‍්‍රාවෝ (46) සහ ඩැරන් සැමී (නොදැවී 42) සමත්වූහ.
පන්දු 26 කින් වාර්තාවූ ඞ්වේන් බ‍්‍රාවෝගේ ඉනිම හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් අන්තර්ගත වූ අතර පන්දු 20 කින් වාර්තාවූ ඩැරන් සැමීගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් අන්තර්ගත විය.
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 166
(ලෙන්ඞ්ස් සිමන්ස් 31, මාලන් සැමුවෙල්ස් 20, ඞ්වේන් බ‍්‍රාවෝ 46, ඩැරන් සැමී 42)
පාකිස්තාන පිල - ඕවර 17.5 කදී සියලූ දෙනා දැවී කට 82
(මොහොමඞ් හෆීස් 19, ශකීබ් මක්සූඞ් 18, ශහීඞ් අෆිරිඩි 18, සොහාල් ටන්වීර් 14, සැමුවෙල් බද්රි 10/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.