Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව්වෝ ලකුණු 73 කින් ජය ලබති

කොදෙව්වෝ ලකුණු 73 කින් ජය ලබති

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් පිල සහ සත්කාර බංග්ලාදේශ පිල අතර මීර්පූර්හිදී අද (25) පැවැති දෙවැනි කාණ්ඩයේ තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 73 ක පහසු ජයක් ලැබීය.

ලකුණු 172 ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශ පිලේ පළමු කඩුලූ තුන ලකුණු 16 ක් තුළ බිද වැටීමෙන් දැඩි අවිනිෂ්චිත තත්ත්වයකට පත්විය. මුෂ්ෆිකූර් රහීම් (22) සහ මොමිනුල් හක් (16) සිවුවැනි කඩුල්ලට 35 ක සම්බන්ධතාවක් පැවැත්වුව ද මොමිනුල් හක් දැවී යෑමෙන් පසුව බංග්ලාදේශය වෙතින් ජයග‍්‍රහණයෙන් දුරස්විය.

පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිල 19 වැනි  ඕවරය අවසන් වන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 167 ක් ලබා සිටි අතර අල් අමීන් හොසේන් යැවූ ඉනිමේ 20 වැනි  ඕවරයේදී කඩුලූ හතරක් බිඳ වැටීමෙන් ලකුණු 171 කින් සෑහීමට පත්වීමට සිදුවිය.

ඞ්වේන් ස්මිත් (72) සහ ක‍්‍රිස් ගේල් (48) පන්දු 71 කදී ලකුණු 97 ක සම්බන්ධතාවක් පවත්වමින් සාර්ථක ආරම්භයක් ගෙන ඒමට සමත් වූහ.

ඞ්වේන් ස්මිත් පන්දු 43 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 72 ක් ලබා පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

ප‍්‍රවේගකාරි පිතිකරු ක‍්‍රිස් ගේල් පන්දු 48 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 48 ක් ලබා සිටියදී තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

බටහිර ඉන්දීය කොදෙව් පිල  ඕවර 20 කදී කඩුලූ 7 ට 171

(ඞ්වේන් ස්මිත් 72, ක‍්‍රිස් ගේල් 48, මාලන් සැමුවෙල්ස් 18, ඩැරන් සැමී නොදැවී 14, අල් අමීන් හොසේන් 21/3)

බංග්ලාදේශ පිල  ඕවර 19.1 කදී සියලූ දෙනා දැවී 98

(මොමිනුල් හල් 16, මුෂ්ෆිකුර් රහීම් 22, මර්ෂාෆි මොර්ටාෂා 19, සැමුවෙල් බද්‍රි 15/4, ක‍්‍රිෂ්මර් සන්ටොකි 17/3)
 


 

 


අදහස් (0)

කොදෙව්වෝ ලකුණු 73 කින් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.