Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කටුනායක ටී.කේ.ජී.කපිල)
එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගි වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත් (කාන්තා) ක්‍රිකට් කණ්ඩායම ඊයේ (04 වැනිදා) පෙරවරුවේදී ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙම කණ්ඩායමට ක්‍රීඩිකාවෝ 15 දෙනෙක් සහ සහාය කණ්ඩායමේ 07 දෙනෙක් ඇතුළත්ව සිටිති.
බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම කටුනායකට ගුවන් තොටුපොළ තුළ ඇති වායුසමන තත්වය මදි බව පවසමින් , ෆයිල් කවර වලින් සළා ගන්නා ආකාරය ද දක්නට ලැබුණි .
දෙපිල අතර එක්දින තරගාවලිය මේ මස 15, 18 සහ 21 දින පැවැත්වෙයි. එම තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය . ඊට අමතරව හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තවත් විස්සයි-20 තරග 03 ක් මේ මස 24 , 26 සහ 28 දින වල පැවැත්වීමට නියමිතය.
මෙම කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ඩුබායි සිට, එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පැමිණි අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.