Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (19 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලූ 2 ක් දැවී ලකුණු 76 ක් ලබා සිටියේය.
තරගය නතර කරන විට කඩුල්ලේ රැදීසිටි ලියෝන් ජොන්සන් හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 33 ක් ලබා සිටි අතර මාලන් සැමුවෙල්ස් හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 13 ක් ලබා සිටියේය.
පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් පිලට සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 201 ක් පමණි. එහිදී අවසන් කඩුලූ 6 ලකුණු 39 ක් තුළ දැවීයෑම නිසා කොදෙව් පිල දැඩි අපහසුතාවයකට පත් විය.
මුලූ ලකුණු සංඛ්‍යාව 72 ක් වන විට කොදෙව් පිලේ ආරම්භක පිතිකරුවන් වන කේ‍්‍රග් බ‍්‍රැත්වයිට් (34) සහ ඩෙවොන් ස්මිත් (35) දෙදෙනාවම ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට දකුණු අපි‍්‍රකානු වේග පන්දු යවන කී‍්‍රඩක වර්නන් ෆිලැන්ඩර් සමත් විය.
ඉන් නොනැවතුන ෆිලැන්ඩර්, කොදෙව් පිලේ ප‍්‍රවීණතම පිතිකරුවා වන ශිව්නරේන් චන්ද්‍රපෝල් ලකුණු 21 කටත්, ජර්මේන් බ්ලැක්වුඞ් ලකුණු 12 කටත් පිටියෙන් ඉවත් කරමින් කොදෙව් පිල දැඩි පීඩනයක් එල්ල කළේය.
ලකුණු 33 ක් ලබා සිටි මාලන් සැමුවෙල්ස්ගේ ඉනිම මෝනි මෝකල්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා නිමාවට පත්විය.
ඊයේ දිනය (18 වැනිදා) නිමා වන විට පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 552 ක් ලබා සිටි දකුණු අපි‍්‍රකානු පිල, ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිලට ආරාධනා කළේය.
දකුණු අපි‍්‍රකාවේ සෙන්චූරියන්හි ‘සුපර් ස්පෝර්ට් පාර්ක්’ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දකුණු අපි‍්‍රකානු පිලට ආරාධනා කළේය.
දකුණු අපි‍්‍රකානු පිල පළමු ඉනිම - කඩුලූ 5 ක් දැවී 552
(ඇල්විරෝ පීටර්සන් 27, ඞීන් එල්ගා 28, හෂීම් අම්ලා 208, ඒ. බී. ඩිවිලියර්ස් 152, ස්ටේන් වැන් සිල් නොදැවී 101, ක්වින්ටින් ඩිකොක් නොදැවී 18, කේමර් රෝච් 52/2, සුලෙයිමන් බෙන් 148/2)
බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 201
(කේ‍්‍රග් බ‍්‍රැත්වයිට් 34, ඩෙවොන් ස්මිත් 35, ලියෝන් ජොන්සන් 31, මාලන් සැමුවෙල්ස් 33, ශිව්නරේන් චන්ද්‍රපෝල් 21, වර්නන් ෆිලැන්ඩර් 29/4, මෝනි මෝකල් 55/3)
බටහිර ඉන්දීය කොදෙව් පිල දෙවැනි ඉනිම - කඩුලූ 2 ක් දැවී 76
(කේ‍්‍රග් බ‍්‍රැත්වයිට් 20, ලියෝන් ජොන්සන් නොදැවී 33)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.