Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ මූලික වටයේ 10 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ පර්ත් ස්කෝචර්ස් පිල අතර හයිද්‍රාබාද්හිදී අද (24 වැනිදා)පැවැති තරගයෙන් කඩුලූ 3 ක ජයක් අත්කර ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් පිල සමත්විය.
මෙම ජයත් සමගින් තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරග තුනෙන්ම ජය ලැබීමට කොල්කටා පිල සමත්වී තිබේ.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 152 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා පිල, කඩුලූ 7 ක් දැවී පන්දු 2 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියේය.
පන්දු 19 කට මුහුණදෙමින් හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 43 ක් රැස්කළ සූර්යකුමාර් යාදව් කොල්කටා පිල ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.
පර්ත් ස්කෝචර්ස් පිල වෙනුවෙන් ලකුණු 39 කට කඩුලූ 3 ක් දවාගැනීමට යසර් අරෆත් සමත්වූවත් තම කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීම සඳහා එය ප‍්‍රමණවත් නොවීය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පර්ත් ස්කෝචර්ස් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 151 ක් ලබාගත්තේය.
එහිදී හුදෙකලා ඉනිමක් කී‍්‍රඩා කළ පර්ත් ස්කෝචර්ස් පිලේ නායක ඇඩම් වොගස් පන්දු 52 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 71 ක් රැස්කරමින් ඉනිම නිමාවන තුරුම කඩුල්ලේ රැදී සිටියේය.
පර්ත් ස්කෝචර්ස් පිලේ අනෙක් ආරම්භක පිතිකරුවා වූ කේ‍්‍රග් සිමනස් (39) සමග එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 54 කදී ලකුණු 68 ක සම්බන්ධාතාවක් ගොඩනැගීමටද වොගස් සමත්විය.
කෙසේ වුවත් පර්ත් ස්කෝචර්ස් පිලේ පිතිකරුවන් තිදෙනකුට හැරෙන්නට අන් කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට කොල්කටා නයිට්රයිඩර්ස් පිලේ පන්දුයවන්නෝ ඉඩ නොදුන්හ.
ලකුණු 24 කට කඩුලූ 3 ක් දවාගත් කුල්දීප් යාදව්, ස්කෝචර්ස් පිලේ මුල් පෙළ බිඳ දැමූ අතර ලකුණ 31 කට කඩුලූ 4 ක් දවාගත් සුනිල් නරේන්, මැද පෙළ සුනුවිසුණු කර දැමුවේය.
පර්ත් ස්කෝචර්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 151
(ඇඩම් වොගස් නොදැවී 71, කේ‍්‍රග් සිමනස් 39, සෑම් වයට්මන් 21, සුනිල් නරේන් 31/4, කුල්දීප් යාදව් 24/3)
කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 19.4 කදී කඩුලූ 7 ක් දැවී 153
(රොබින් උත්තාපා 23, මනීෂ් පාණ්ඬේ 24, රයන් ටෙන් ඩොස්කේට් 15, යූසෆ් පතන් 21, සූර්යකුමාර් යාදව් නොදැවී 43, යසර් අරෆත් 39/3, නාදන් කූල්ටර් නයිල් 41/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.