Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොල්කටා පිල කඩුලූ 6 කින් දිල්ලි පරදවයි

කොල්කටා පිල කඩුලූ 6 කින් දිල්ලි පරදවයි

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල සහ කොල්කටා නයිට් රයිඩර්ස් පිල අතර දිල්ලිහිදී අද (20) පැවැති තරගයෙන් කොල්කටා පිල කඩුලූ 6 ක පහසු ජයක් ලැබීය.

කොල්කටා පිල ලකුණු 147 ක ඉලක්කය  ඕවර 18.1 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.  

නායක ගෞතම් ගාමිබීර් (60) සහ යූසුෆ් පතාන් (නොදැවී 40) සිවුවැනි කඩුල්ලට ලකුණු 65 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය පහසු කළහ.

ගෞතම් ගාමිබීර් පන්දු 49 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 60 ක් රැස් කළේය.  

ඇන්ජලෝ මැතිව්ස් යැවූ  ඕවර තුනට ලකුණු 33 ක් රැස් කිරීමට කොල්කටා පිතිකරුවෝ සමත් වූහ.

පළමුව පන්දුවට පහර දුන් දිල්ලි පිල වෙනුවෙන් ශ‍්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 21 කදී හතරේ පහරක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 28 ක් රැස්කරමින් දිල්ලි ලකුණු සංඛ්‍යාව ඉහළට ගෙන ඒමට සමත් විය.

මනෝජ් තිවාරි පන්දු 28 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 32 ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

කොල්කටා පිලේ නායක ගෞතම් ගාමිබීර් කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 8 ට 146
(ශරියාස් අයියර් 31, මනෝජ් තිවාරි 32, යුවරාජ් සිං 21, ඇන්ජලෝ මැතිව්ස් 28, උමේෂ් යාදේව් 18/2, මොනේ මොර්කල් 30/2)

කොල්කටා නයිට් රයිඩර්ස් පිල  ඕවර 18.1 කදී කඩුලූ 4 ට 147
(රොබින් උත්තප්පා 13, ගෞතම් ගාම්බීර් 60, සූර්යකුමාර් යාදේව් 24, යුසුෆ් පතන් නොදැවී 40, ඩොමිනික් මුතුස්වාමි 18/2)

048


අදහස් (0)

කොල්කටා පිල කඩුලූ 6 කින් දිල්ලි පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.