Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 38 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ සන්රයිසස් හයිද්‍රාබාද් පිල අතර කොල්කටාහි ඊඞ්න් ගාඞ්න් කී‍්‍රඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 35 ක ජයක් අත්කර ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් පිල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 168 ක ඉලක්කයක් හඹාගිය සන්රයිසස් හයිද්‍රාබාද් පිලට නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 132 ක් පමණි.
හයිද්‍රාබාද් පිල වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ මොරිස් හෙන්රික්ස්, පන්දු 33 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 41 ක් රැස්කළේය.
පන්දු 20 කදී හයේ පහර 3 ක් සමගින් 32 ක් රැස්කිරීමට කරන් ශර්මා සමත් වූවද එය හයිද්‍රාබාද් පිල ජයග‍්‍රහණය කරා රැගෙන යෑමට තරම් ප‍්‍රමාණවත් නොවීය.
උමේෂ් යාදව් සහ බ‍්‍රැඞ් හොග් එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 55 ක් වන විට පළමු පිතිකරුවන් සිව්දෙනාම ආපසු කී‍්‍රඩාගාරයට හරවා යවමින් හයිද්‍රාබාද් ඉනිම අඩ පණ කළහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට්රයිඩර්ස් පිල නියමිත ඕවර 20 අවසනයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 167 ක් ලබාගත් අතර කොල්කටා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මනීෂ් පාණ්ඬේ පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 33 ක් රැස්කළේය.
අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ යූසෆ් පතන් නොදැවී ලකුණු 30 ක් රැස්කළේ පන්දු 19 කට පමණක් මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.
පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රොබින් උත්තාපා (නොදැවී 27) සහ ගෞතම් ගම්භිර් (31) කොල්කටා පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.
කාසියේ වාසිය දිනූ සන්රයිසස් හයිද්‍රාබාද් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා කොල්කටා නයිට්රයිඩර්ස් පිලට ආරාධනා කර සිටියේය.
කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 167
(රොබින් උත්තාපා 30, ගෞතම් ගම්භිර් 31, මනීෂ් පාණ්ඬේ 33, යූසෆ් පතන් නොදැවී 30, කරන් ශර්මා 29/2, බුවනේෂ්වර් කුමාර් 42/2)
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී 132
(ශිකර් ධවාන් 15, මොරිස් හෙන්රික්ස් 41, කරන් ශර්මා 32, බ‍්‍රැඞ් හොග් 17/2, උමේෂ් යාදව් 34/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.