Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොළඹ දකුණට ලකුණු 117 ක ජයක්

කොළඹ දකුණට ලකුණු 117 ක ජයක්

editorial - 2024 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ යොවුන් ලීග එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය ලෙස කොළඹ දකුණ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදී ඊයේ (24 වැනිදා) පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 117 ක ජයක් අත්කර ගැනීමට කොළඹ දකුණ කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 205 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායමට ඕවර 38.1 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 66 ක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මෙතුම් නිලකුණු ඕවර 4 ක් සමග ඕවර 8 ක් යවමින් ලකුණු 13 කට කඩුලු 5 ක් බිඳහෙළමින් මහනුවර ඉනිම සුනුවිසුණු කර දැමුවේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ දකුණ කණ්ඩායම ඕවර 45 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 204 ක් ලබාගත් අතර එහිදී පිත්තෙන් දස්කම් දැක්වූ මෙතුක ගුණරත්න පන්දු 64 කින් නොදැවී ලකුණු 67 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි. ආරම්භක පිතිකරු නිසල ධමිත් පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 44 ක් රැස්කළේය.  


කොළඹ දකුණ පිල - ඕවර 45 කදී කඩුලු 6 ක් දැවී 204  
(නිසල ධමිත් 44, දුෂේන් උඩුවෙල 19, රෙෂාන් සොලමන්ස් 35, මෙතුක ගුණරත්න නොදැවී 67, විහඟ නෙතුසර 39/2, කුසල් බණ්ඩාර 42/2) 

මහනුවර පිල - ඕවර 38.1 කදී කඩුලු 8 ක් දැවී 66 
(චනුත් ජයසිංහආරච්චි 23, මෙතුම් ප්‍රනාන්දු 13/5, දුෂේන් උඩුවෙල 17/2) 

-036 


අදහස් (0)

කොළඹ දකුණට ලකුණු 117 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.