Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ යොවුන් ලීග එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස කොළඹ දකුණ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 76 ක ජයක් අත්කර ගැනීමට කොළඹ දකුණ කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 152 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායමට ඕවර 36.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 75 ක් පමණි. චමිත කංකානම්ගේ ලකුණු 13 කට කඩුලු 2 ක්ද, තාරුක සමින්ජිත ලකුණු 13 කට කඩුලු 2 ක්ද, මෙතුම් ප්‍රනාන්දු ලකුණු 17 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් දඹුල්ල ඉනිම සුනුවිසුණු කර දැමූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ දකුණ කණ්ඩායම ඕවර 47 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 151 ක් ලබාගත් අතර එහිදී දුෂේන් උඩුවෙල හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 43 ක්ද, රෙෂාන් සොලමන්ස් හතරේ පහර 4 ක් සමග ලකුණු 44 ක්ද රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ යුමාල් එගොඩගේ නිලකුණු ඕවරයක්ද සමග ඕවර 10 ක් යවමින් ලකුණු 24 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් වූ අතර කොළඹ දකුණ පිතිකරුවන් පීඩනයට පත් කිරීම සඳහා යුමාල්ට අනගි සහායක් දුන් මහීෂ ඉඳුරංග ලකුණු 18 කට කඩුලු 3 ක් දවාගත්තේය.
කොළඹ දකුණ පිල - ඕවර 47 කදී සියලු දෙනා දැවී 151
(දුෂේන් උඩුවෙල 43, රෙෂාන් සොලමන්ස් 44, චමිත කංකානම්ගේ 17, යුමාල් එගොඩගේ 24/5, මහීෂ ඉඳුරංග 18/3)
දඹුල්ල පිල - ඕවර 36.3 කදී සියලු දෙනා දැවී 75
(ටෙරාන් සචින් 19, අමල් පෙරේරා 15, චමිත කංකානම්ගේ 13/2, තාරුක සමින්ජිත 13/2, මෙතුම් ප්‍රනාන්දු 17/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.