Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොළඹ දකුණ පිල ලකුණු 5 කින් ජයගනී

කොළඹ දකුණ පිල ලකුණු 5 කින් ජයගනී

editorial - 2024 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ යොවුන් ලීග එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස කොළඹ උතුර කණ්ඩායම සහ කොළඹ දකුණ කණ්ඩායම අතර කොළඹ වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේදී ඊයේ (21 වැනිදා) පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 5 ක තියුණු ජයක් අත්කර ගැනීමට කොළඹ දකුණ කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 142 ක ඉලක්කයක් හඹාගිය කොළඹ දකුණ කණ්ඩායම ඕවර 46.4 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 131 ක් ලබා සිටියේය. ඒ වන විට අදීෂ ලක්ෂාන් හයේ පහර 2 ක් සමග ලකුණු 33 ක්ද, මහිරු කොඩිතුවක්කු හතරේ පහරක් සමග ලකුණු 22 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 

එහිදී හිමිර කුඩගම, ශම්ම ජොනතන් සහ ශනුක් ජයවර්ධන කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූ නමුත් කොළඹ දකුණ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීමට ඔහුට නොහැකි වූහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ උතුර කණ්ඩායම ඕවර 47.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 141 ක් ලබාගත් අතර එහිදී ආරම්භක පිතිකරුවන් වන බිනෝද් සන්දිල් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 22 ක්ද, උෂාන් ආදිත්‍ය හයේ පහර 2 ක් සමග ලකුණු 19 ක්ද රැස්කළහ.  


කොළඹ උතුර පිල - ඕවර 47.4 කදී සියලු දෙනා දැවී 141   
(බිනෝද් සන්දිල් 22, උෂාන් ආදිත්‍ය 19, ශසිඳු සිල්වා 19, පමද දල්පදාදු 15, දුෂේන් උඩුවෙල 18/3, මෙතුම් ප්‍රනාන්දු 24/2)
 
කොළඹ දකුණ පිල - ඕවර 46.4 කදී කඩුලු 6 ක් දැවී 131 
(සබෝධ දෙව්තිලින 18, රෙෂාන් සොලමන්ස් 16, අදීෂ ලක්ෂාන් නොදැවී 33, මහිරු කොඩිතුවක්කු නොදැවී 22, හිමිර කුඩගම 15/2, ශම්ම ජොනතන් 28/2, ශනුක් ජයවර්ධන 30/2) 

-036 

 

අදහස් (0)

කොළඹ දකුණ පිල ලකුණු 5 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.