Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොළඹ පිලට විශිෂ්ඨ ජයක්
ජාතික සුපිරි ලීගය

කොළඹ පිලට විශිෂ්ඨ ජයක්

editorial - 2024 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ 9 වැනි තරගය ලෙස කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 127 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම අද (12 වැනිදා) සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 229 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායමට ඕවර 32.4 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 101 ක් පමණි. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ කවිඳු නදීෂාන් ලකුණු 33 කට කඩුලු 5 ක් බිඳහෙළමින් කොළඹ කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. 

නායක චරිත් අසලංක සහ දිලුම් සුදීර කඩුලු 2 බැගින් දවාගනිමින් ගාල්ල ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා නදීෂාන්ට අනගි සහායක් ලබාදුන්හ. ගාල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සනෝජ් දර්ෂික පන්දු 52 කින් ලකුණු 32 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 229 ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 54 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 44 ක් රැස්කළේය. 


කොළඹ පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 228  
(අවිෂ්ක ප්‍රනාන්දු 44, ක්‍රිෂාන් සංජුල 25, දසුන් ශානක 21, අෂේන් බණ්ඩාර 33, කවිඳු නදීෂාන් 29, දිලුම් සුදීර නොදැවී 20, අකිල ධනංජය 47/3, දුනිත් වෙල්ලාලගේ 43/2, සනෝජ් දර්ෂික 48/2) 

ගාල්ල පිල - ඕවර 32.4 කදී සියලු දෙනා දැවී 101 
(සනෝජ් දර්ෂික 32, කවිඳු නදීෂාන් 33/5, චරිත් අසලංක 04/2, දිලුම් සුදීර 24/2) 

-036


අදහස් (0)

කොළඹ පිලට විශිෂ්ඨ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.