Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද (12 වැනිදා) සමත්විය.
කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ය වටයේ තරගයකදී යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත්විය.
මනුල පෙරේරා ලකුණු 21 කට කඩුලු 4 ක් සහ සදීෂ රාජපක්ෂ ලකුණු 09 කට කඩුලු 2 ක් දවාගනිමින් යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.
ශා. ජෝන් විද්‍යාලය - ඕවර 29.3 කදී සියලුදෙනා දැවී ලකුණු 90
(මනුල පෙරේරා 21/4, සදීෂ රාජපක්ෂ 09/2)
රාජකීය විද්‍යාලය - ඕවර 13.4 කදී කඩුල්ලක් දැවී ලකුණු 92
(තිසිර වීරසිංහ නොදැවී 29, තෙවිඳු සේනාරත්න නොදැවී 27)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.