Last Update  :  2025-04-22 18:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝඩුකාරයෝ 400 කඩයිම පනිති
යොවුන් සිව්දින තරගය

කෝඩුකාරයෝ 400 කඩයිම පනිති

editorial - 2023 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම වෙනුවෙන් එක්වූ කෝඩුකාරයෝ 11 දෙනා, දඹුල්ලේදී පැවැත්වෙන සිව්දින තරගයේ දෙවැනි දිනය වූ අද (06 වැනිදා) බටහිර ඉන්දීය කොදෙව් යොවුන් පිලට එරෙහිව, සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 කට ලකුණු 432 ක් ලබාගත්හ.

ශ්‍රී ලංකා යොවුන් පිල සහ බටහිර ඉන්දීය යොවුන් පිල අතර පැවැත්වෙන පළමු වැනි ‘යොවුන්’ ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට කොදෙව් යොවුන් පිල කඩුල්ලක් දැවී ලකුණු 27 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ 11 දෙනාම, පළමු වතාවට අන්තර්ජාතික සිව්දින තරගයකට සහභාගි වන ක්‍රීඩකයෝ වෙති.

අඟහරුවාදා (05 වැනිදා) උදෑසන 9.45 ට තරගය ආරම්භ වූ නමුත් වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා පැයක පමණ කාලයකට පසුව වර්ෂාව නිසා තරගය නතර කරන ලදි. අද උදෑසනත් වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර ලකුණු 26 ක් ලබා සිටි දිනුර කළුපහන  දුන් උඩපන්දුවක් කඩුලු රකින්නා වූ ජුවෙල් ඇන්ඩෲ අතින් ගිළිහී යන විට කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව කඩුලු 5 කට 193 ක් විය.

හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 103 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ දිනුර සහ මල්ෂ තරුපති (65) දෙදෙනා, කඩුලු 6 කට 215 ක් වූ ලකුණු සංඛ්‍යාව 300 කඩයිමෙන් ඔබ්බට රැගෙන ගියහ. හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් සමගින් අගනා ලකුණු 65 ක් ලබාගත් මල්ෂ තරුපති ලකුණු 318 දී දැවී ගියේය. එතැනින් එක්වූ කළුපහන සහ විහස් තෙව්මික, 8 වැනි කඩුල්ල සඳහා තවත් ශතක සම්බන්ධතාවක් ගොඩනඟමින් මුලු ලකුණු සංඛ්‍යාව 400 කඩයිමෙන් එපිටට තල්ලු කළහ.

වර්ෂාව නිසා වරින් වර බාධා ඇතිවූ නමුත් තම අරමුණ නොවෙනස්ව තබාගත් දිනුර, විනාඩි 253 කදී, හතරේ පහර 10 ක් ද සහිතව සිය ශතකය සම්පූර්ණ කළ අතර දිනය අවසන් කළේ පන්දු 229 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 150 ක් ලබාගනිමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 16 කින් සහ හයේ පහර දෙකකින් අලංකාර වී තිබිණ.

එක්දින තරගයකදීත් කොදෙව් යොවුන් පිලට එරෙහිව ලකුණු 155 ක් ලබාගත් ආරම්භක පිතිකරු පුලිඳු පෙරේරා මෙම තරගයේදීත් අගනා පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 71 ක් ලබාගත්තේය.

වර්ෂාවෙන් බාධා වූ මුල් දිනයේදී තරගය ආරම්භ වන විට පස්වරු 3.00 පමණ විය. මුල් දිනයේ යැවුණු ඕවර 38 දී ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවෝ කඩුලු 3 ක් දැවී ලකුණු 163 ක් ලබා සිටියහ.


ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - පළමු ඉනිම කඩුලු 8 ක් දැවී 432 යි
(පුලිඳු පෙරේරා 71, සිනෙත් ජයවර්ධන 34, රවිශාන් නෙත්සර 31, දිනුර කළුපහන නොදැවී 150, ශාරුජන් ශන්මුගනාදන් 17, මල්ෂ තරුපති 65, විහස් තෙව්මික 35, ඉසායි තෝන් 58/2, නේතන් සීලි 100/2, තරීක් එඩ්වඩ් 99/3)

බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම - පළමු ඉනිම කඩුල්ලක් දැවී 27 යි
(ඒඩි්‍රයන් වියර් 15)

 

දිනුර කළුපහන සහ මල්ෂ තරුපති...

 

විහස් තෙව්මික...

 

ශාරුජන් ශන්මුගනාදන්...

 


අදහස් (0)

කෝඩුකාරයෝ 400 කඩයිම පනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.