Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
නායක රෝහිත් ෂර්මා ලකුණු 02 කට දැවී ගිය නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ විරාට් කෝලි (නොදැවී 64) සහ ලෝකේෂ් රාහුල් (50) දෙදෙනා, බංග්ලාදේශයට එරෙහිව ඇඩිලේඩ් නුවරදී අද (02 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ලකුණු 184 ක් කරා ඉන්දීය පිල කැඳවාගෙන ගියහ.
ටස්කින් අහමඩ් යැවූ ඉන්දීය ඉනිමේ තුන්වැනි ඕවරයේදීම රෝහිත් ෂර්මා ගැසූ පහරකින්, ඩීප් ස්ක්වෙයාර් ලෙග් සිටි ක්‍රීඩකයාට පහසු උඩපන්දුවක් ලැබුණු නමුත් එය ගිළිහී ගියේය. එයින් ප්‍රයෝජන ගැනීමට රෝහිත් ෂර්මා අසමත් වූ නමුත් ලෝකේෂ් රාහුල්ට එක්වූ විරාට් කෝලි බංග්ලාදේශ පන්දු යවන්නන්ට එළව එළවා පහර දුන්හ.
හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් ද සහිතව, පන්දු 32 කින් ලකුණු 50 ක් ලබාගත් ලෝකේෂ් රාහුල් දැවී යන විට මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 78 ක් වී තිබිණ. ඒ වන විට ඉන්දීය පිතිකරුවන් අවශ්‍ය රිද්මයට පැමිණ සිටි බැවින් ලකුණු 180 න් එපිට ඉලක්කයක් කරා යාම ඔවුනට පහසු විය.
විරාට් කෝලි පන්දු 37 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරන විට ඊට හතරේ පහර 7 ක් ඇතුළත් වී තිබිණ. එහෙත් එතැනින් තම ඉනිම ඉහළ ගියරයට දමාගත් කෝලි, සිය අවසන් ලකුණු 14 ලබාගත්තේ පන්දු 07 කිනි.
කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක සකිබ් අල් හසන් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් නමුත් ඉන්දීය පිතිකරුවන් පාලනය කිරීම අසීරු විය. ටස්කින් අහමඩ් පමණක් තම ඕවර 4 ලකුණු 15 කට සීමාකරගත් නමුත් සෙසු බංග්ලාදේශ පන්දු යවන්නන්ට ඉන්දියානුවෝ එළව එළවා පහර දුන්හ.
ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 184 යි
(ලෝකේෂ් රාහුල් 50, විරාට් කෝලි නොදැවී 64, සූර්යකුමාර් යාදව් 30, රවිචන්ද්‍රන් අශ්වින් නොදැවී 13, හසන් මහමුද් 47/3, සකිබ් අල් හසන් 33/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.