Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෞෂාල් සිල්වා ද්විත්ව ශතකය අභියස

කෞෂාල් සිල්වා ද්විත්ව ශතකය අභියස

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරග වටයේ එස්.එස්.සී සහ යුදහමුදා කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු දිනය නිමාවන විටදී කඩුලු 2 ක් දැවී ලකුණු 363 ක් රැස්කිරීමට එස්.එස්.සී පිල සමත්විය.

නොදැවී කඩුල්ලේ රැඳී සිටින කෞෂාල් සිල්වා විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 197 ක් රැස්කර සිටින අතර ඒ සඳහා ඔහු පන්දු 254 ක් වැයකර ඇති අතර හයේ පහරක් සහ හතරේ පහර 21 ක් ඊට ඇතුළත්ය.

සඳුන් වීරක්කොඩි සමගින් එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 89 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ කෞෂාල් සිල්වා තෙවැනි කඩුල්ල සඳහා කවිඳු කුලසේකර සමගින් ලකුණු 226 ක තවත් නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීය.

සඳුන් වීරක්කොඩි (52) සහ කවිඳු කුලසේකර (නොදැවී 82) අර්ධ ශතක ලබාගනිමින් එස්.එස්.සී පිලේ ලකුණු මට්ටම ඉහළ දැමීමට දායක වූහ.

සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරග වටයේ තවත් තරග 3 ක් කෝල්ට්ස්, එන්.සී.සී සහ කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණ වලදී අද ආරම්භ විය.

එහිදී එන්.සී.සී පිලේ මහේල උඩවත්ත (101), හලාවත මේරියන්ස් පිලේ ඕෂධ ප්‍රනාන්දු (109) සහ ද්‍රවිඩ සංගම් පිලේ තරංග පරණවිතාන (නොදැවී 120) ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.


එස්.එස්.සී සහ යුදහමුදා කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී

එස්.එස්.සී 363/2

එස්.එස්.සී - පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 363
(සඳුන් වීරක්කොඩි 52, කෞෂාල් සිල්වා නොදැවී 197, ක්‍රිෂාන් ආරච්චිගේ 23, කවිඳු කුලසේකර නොදැවී 82)


එන්.සී.සී සහ සැරසන්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී 253

එන්.සී.සී - පළමු ඉනිම - ඕවර 87.3 කදී සියලුදෙනා දැවී ලකුණු 253
(ළහිරු උදාර 47, මහේල උඩවත්ත 101, මාලිංග අමරසිංහ 20, සාරංග රාජගුරු 38, චාමිකර එදිරිසිංහ 82/4, මොහොමඞ් දිල්ශාඞ් 25/2)


හලාවත මේරියන්ස් සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී

හලාවත මේරියන්ස් 426/5

හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 89.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 426
(යශෝධ ලංකා 75, තීක්‍ෂිල ද සිල්වා 79, ඕෂධ ප්‍රනාන්දු 109, හර්ෂ කුරේ නොදැවි 99, රුසිත් උපමාල් 33, සංගීත් කුරේ 48/2)


ද්‍රවිඩ සංගමය සහ සී.සී.සී කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

ද්‍රවිඩ සංගමය 282/6

ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 282
(තරංග පරණවිතාන නොදැවී 120, සචිත්‍ර සේරසිංහ 21, දමිත් සිල්වා නොදැවී 71, වනිඳු හසරංග 48/2)

 


අදහස් (0)

කෞෂාල් සිල්වා ද්විත්ව ශතකය අභියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.