Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක සදහා ඊයේ (20 වැනිදා) නම් කළ 15 දෙනෙකුගෙන් යුත් සංචිතය සදහා ආරම්භක දකුණත් පිතිකරු කෞෂාල් සිල්වා කැඳවා ඇත. කෞෂාල් සිල්වාට අමතරව රොෂේන් සිල්වා සහ සධීර සමරවික්‍රමද කළකට පසුව නැවත ටෙස්ට් සංචිතය සදහා කැඳවිමට තේරීම් කමිටු පියවර ගෙන තිබේ.
ජේෂ්ඨ්‍ය ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස් බත්කෙණ්ඬේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් පළමු ටෙස්ට් තරගයෙන් ඉවත්වී ඇති අතර උපුල් තරංග එක්දින තරග සදහා සිය අවධානය වැඩිපුර යෙදවීම සදහා මාස 6 ක පමණ කාළයකට ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත්වීම ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූ බලවත් පාඩුවකි.
මාස 13 ක පමණ කාළයක් ටෙස්ට් තරග සදහා එක් නොවූ ළහිරු තිරිමාන්න පසුගියදා අවසන්වූ ඉන්දීය සංචාරයේ අවසන් තරග දෙක සදහා නම් කළ සංචිතයේ සිටියද තරගයකට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිනොවීය. එහෙත් මෙවර පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට තරග දෙක සදහා නම් කළ සංචිතයේ උපනායකත්වය තිරිමාන්නට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පියවර ගෙන ඇත.
මෙම වසරේ ජනවාරී මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව අවසන් වරට ටෙස්ට් තරගාවලියකට එක්වූ කෞෂාල් සිල්වා ටෙස්ට් තරග 35 කදී ලකුණු 1991 ක් රැස්කර ඇති අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 30.16 කි. විටින් විට ටෙස්ට් සංචිතයන් සදහා කැඳවීම් ලැබුණද ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව තවමත් උදානොවුණු රොෂේන් සිල්වා පළමු පෙළ තරග 101 කදී ලකුණු 6265 ක් රැස්කර ඇති අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 48.19 කි. සධීර සමරවික්‍රම පළමු පෙළ තරග 27 කදී ලකුණු 2070 ක් රැස්කර ඇති අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 47.04 ක් වෙයි.
ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සදහා නම් කළ ටෙස්ට් සංචිතයේ සිටි ළහිරු කුමාර, මාලින්ද පුෂ්පකුමාර, ධනංජය ද සිල්වා සහ දුෂ්මන්ත චමීර පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග දෙක සදහා නම් කළ ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර ඇත.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), ළහිරු තිරිමාන්න (උපනායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ලක්ෂාන් සඳකැන්, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු, ළහිරු ගමගේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.