Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරග වටයේ දෙවැනි සතියේ දෙවැනි දිනයවූ අද (25 වැනිදා) ද්විත්ව ශතක ලබාගැනීමට එස්.එස්.සී පිලේ කෞෂාල් සිල්වා (273) සහ ද්‍රවිඩ සංගම් පිලේ තරංග පරණවිතාන (නොදැවී 215) සමත්වූහ.
විශිෂ්ට පිතිහරඹයක නිරතවූ කෞෂාල් සිල්වා පන්දු 345 කදී හයේ පහරක් සහ හතරේ පහර 29 ක් සමගින් ලකුණු 273 ක් රැස්කළ අතර තරංග පරණවිතාන පන්දු 372 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 22 ක් සමගින් නොදැවී ලකුණු 215 ක් රැස්කිරීමට සමත්විය.
සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරග වටයේ තරග 4 ක් සී.සී.සී, කෝල්ට්ස්, එන්.සී.සී සහ කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණ වලදී පැවැත්වේ.
එහිදී සී.සී.සී පිලේ වනිඳු හසරංග (නොදැවී 104), හලාවත මේරියන්ස් පිලේ හර්ෂ කුරේ (නොදැවි 162) ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීමට අද (25 වැනිදා) සමත්වූ අතර යුදහමුදා පිලේ දුශාන් විමුක්ති කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
එස්.එස්.සී සහ යුදහමුදා කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී 582/9, යුදහමුදාව 128/3
එස්.එස්.සී - පළමු ඉනිම - ඕවර 141.5 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 582
(සඳුන් වීරක්කොඩි 52, කෞෂාල් සිල්වා 273, ක්‍රිෂාන් ආරච්චිගේ 23, කවිඳු කුලසේකර 94, සම්මු අෂාන් 26, මිතුන් ජයවික්‍රම 24, සචිත්‍ර සේනානායක 42, දුශාන් විමුක්ති 155/5, විරාජ් පුෂ්පකුමාර 141/2)
යුදහමුදා - පළමු ඉනිම - ඕවර 38 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 128
(ලක්ෂාන් එදිරිසිංහ 30, දුශාන් විමුක්ති නොදැවී 55, හිමාෂ ලියනගේ 20, තරිඳු රත්නායක 30/2)
ද්‍රවිඩ සංගමය සහ සී.සී.සී කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
ද්‍රවිඩ සංගමය 405, සී.සී.සී 218/6
ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 127.5 කදී සියලුදෙනා දැවී ලකුණු 405
(තරංග පරණවිතාන නොදැවී 215, සචිත්‍ර සේරසිංහ 21, දමිත් සිල්වා 72, ළහිරු මදුශංක 54/3, අශාන් ප්‍රියංජන් 49/2, වනිඳු හසරංග 52/2)
සී.සී.සී - පළමු ඉනිම - ඕවර 52 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 218
(වනිඳු හසරංග නොදැවී 104, මනෙල්ක ද සිල්වා 22, රංගන හේරත් 57/3)
එන්.සී.සී සහ සැරසන්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී 253, සැරසන්ස් 309/3
එන්.සී.සී - පළමු ඉනිම - ඕවර 87.3 කදී සියලුදෙනා දැවී ලකුණු 253
(ළහිරු උදාර 47, මහේල උඩවත්ත 101, මාලිංග අමරසිංහ 20, සාරංග රාජගුරු 38, චාමිකර එදිරිසිංහ 82/4, මොහොමඞ් දිල්ශාඞ් 25/2)
සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 91 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 309
(ඇන්ඩි සොලමන්ස් 45, ගමිඳු අමරසිංහ 81, ප්‍රමෝද් මදුවන්ත නොදැවී 91, අශේන් බණ්ඩාර නොදැවී 76, දිලේෂ් ගුණරත්න 60/2)
හලාවත මේරියන්ස් සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
හලාවත මේරියන්ස් 560, කෝල්ට්ස් 158/5
හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 133 කදී සියලුදෙනා දැවී ලකුණු 560
(යශෝධ ලංකා 75, තීක්‍ෂිල ද සිල්වා 79, ඕෂධ ප්‍රනාන්දු 109, හර්ෂ කුරේ නොදැවි 162, රුසිත් උපමාල් 33, පුලින තරංග 23, චතුරංග කුමාර 31, සංගීත් කුරේ 105/4)
කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 45 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 158
(හෂාන් දුමිඳු 68, ධනංජය ලක්ෂාන් 32, ප්‍රියමාල් පෙරේරා නොදැවී 22, සාගර් උදේෂී 38/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.