Last Update  :  2024-12-22 20:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කිරිඳිවැල මැදි විදුහල කඩුලු 9 කින් ජයගනී

කිරිඳිවැල මැදි විදුහල කඩුලු 9 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට කිරිඳිවැල මැදි විදුහල සමත් විය.

කිරිඳිවැල උපාලි ගුණරත්න ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී හලාවත ආනන්ද ජාතික පාසලට එරෙහිව කඩුලු 9 ක ජයක් අත්කර ගනිමින් කිරිඳිවැල මැදි විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.


ආනන්ද ජාතික පාසල - ඕවර 40 කදී සියලු දෙනා දැවී 95  
(උමේෂ් තිසල් 24, පසිඳු හික්කඩුව 20, පවර මනීෂ 19/3, කුෂාන් කාවින්ද 12/2, රවිෂ්ක චමත් 13/2, විබුති ප්‍රයාන් 29/2)

කිරිඳිවැල මැදි විදුහල - ඕවර 17.2 කදී කඩුල්ලක් දැවී 96
(විබූති ප්‍රියාන් නොදැවී 30, කුෂාන් කාවින්ද නොදැවී 25, රෂ්මික චමත් 24)


- 036

 


අදහස් (0)

කිරිඳිවැල මැදි විදුහල කඩුලු 9 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.