Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්රිකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට කිරිඳිවැල මැදි විදුහල සමත් විය.
මොරටුව වේල්ස් කුමර විදුහල් ක්රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයකදී ජා ඇල ක්රිස්තු රාජ විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කර ගනිමින් කිරිඳිවැල මැදි විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
එහිදී කිරිඳිවැල මැදි විදුහලේ දුවිඳු නිෂාන් (නොදැවී 100) ශතකයක් ලබාගනිමින් සහ ලකුණු 19 කට කඩුලු 4 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.
ක්රිස්තු රාජ විදුහල - ඕවර 23.3 කදී සියලු දෙනා දැවී 89
(ශිරාන් ජයසිරි 19, දුවිඳු නිෂාන් 19/4, පවන් මනීෂ 38/4)
කිරිඳිවැල මැදි විදුහල - ඕවර 36.3 කදී කඩුලු 5 ක් දැවී 190
(දුවිඳු නිෂාන් නොදැවී 100, රෂ්මික චමත් 29, ක්රිෂාන් රාජ්කුමාර 42/5)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.