Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අළුබඳුන තරගාවලියේ පළමු තරගය පරාජය වීමෙන් පසුව ඇලිස් ස්පි‍්‍රංස්හිදී හෙට (29 වැනිදා) ආරම්භ වන දෙදින තරගය තරමක් සාමකාමී එකක් වනු ඇතැයි එංගලන්ත කණ්ඩායම බලාපොරොත්තු වන්නේ නම් ඔවුන්ට තම සිතිවිලි සම්බන්ධයෙන් පුදුම වීමට සිදුවන බව ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩක මයිකල් බියර් පවසයි.
ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතන සභාපතිවරයාගේ පිල සහ එංගලන්ත පිල අතර දෙදින තරගය හෙට ඇලිස් ස්පි‍්‍රංස්හිදී ආරම්භ වේ. මෙම තරගය පුහුණු තරගයක් වන අතර ඒ සඳහා කී‍්‍රඩා කරන කී‍්‍රඩකයන් වැඩි දෙනා ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රාන්ත වෙනුවෙන් කී‍්‍රඩා කරන කී‍්‍රඩකයන්ය. මෙම තරුණ කී‍්‍රඩකයන්ට නායකත්වය දෙනු ලබන්නේ ටෙස්ට් තරග දෙකකට පමණක් කී‍්‍රඩා කළ ද`ග පන්දු යවන්නකු වන මයිකල් බියර් විසිනි.
මයිකල් බියර් පවසන ආකාරයට මෙම දෙදින තරගයේදීත් එංගලන්ත කී‍්‍රඩකයන්ට ඕස්ටේ‍්‍රලියානුවන්ගේ උසුළු විසුළු වලට ලක්වීමට සිදුවනු නිසැකය. අළු බඳුන තරගාවලියේ දෙවැනි තරගය ලබන සතියේ ඇඩිලේඞ් ඕවල් පිටියේදී ආරම්භ වීමට නියමිත අතර බි‍්‍රස්බේන්හිද පැවැති පළමු තරගයේදී ඕස්ටේ‍්‍රලියාව ලකුණු 381 ක ජයක් ලබාගත් නමුත් පිටියේදී එංගලන්ත කී‍්‍රඩකයන්ට සරදම් කළේය යන චෝදනාවට ලක්විය.
”ඔබ කි‍්‍රකට් තරගකට එන්නේ නම් ඔබේ ප‍්‍රතිවාදීන් අපහසුතාවට පත්කරන්න සූදානම් වෙන්න ඕනා”
”ඒක තරමක් ආක‍්‍රමණශීලියි තමා. ඒත් ඕස්ටේ‍්‍රලියාවේ කි‍්‍රකට් කී‍්‍රඩා කරන්නේ එහෙම තමා” යයි මයිකල් බියර් පැවසීය.
මයිකල් බියර් පවසන ආකාරයට බි‍්‍රස්බේන් ටෙස්ට් තරගයේදී ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් හා එකට එක කියූ එංගලන්ත වේග පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩසන් කි‍්‍රකට් පිටියේදී සරදම් කිරීමේ සමතෙකි.
මයික් හසී කී‍්‍රඩා කළ සමයේදී ජේම්ස් ඇන්ඩසන් විසින් මයික් හසීට ඔහුගේ සහෝදරයාගේ නමින් ‘ඬේව්’ කියා ආමන්ත‍්‍රණය කරන ලද්දේ හිතාමතාම මයික් හසී කුපිත කරවන්නටය. මයික් හසීගේ බාල සොහොයුරා ඬේවිඞ් හසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.