Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර අද (29 වැනිදා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 242 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල ක්‍රීඩකයෝ ඕවර 47.1 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. පන්දු 47 කට මුහුණදුන් ළහිරු සමරකෝන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 53 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
ලකුණු 139 කට කඩුලු 6 ක් බිඳවැටී තිබියදී දුනිත් වෙල්ලාලගේ (52) සමග එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 89 කදී ලකුණු 85 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ළහිරු සමත් වූ අතර පන්දු 63 කදී වාර්තා වූ දුනිත්ගේ අර්ධ ශතකයට හතරේ පහර 6 ක් අන්තර්ඝත විය. ආරම්භක පිතිකරු ෂෙහාන් ප්‍රනාන්දු පන්දු 74 කින් ලකුණු 67 ක් රැස්කළේ හතරේ පහර 8 ක් සමගිනි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම ඕවර 48.3 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 241 ක් ලබාගත් අතර එහිදී ආරම්භක පිතිකරු මිනොද් භානුක පන්දු 116 කදී හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමග ලකුණු 102 ක් රැස්කරමින් දඹුල්ල ඉනිම සවිමත් කළේය.
ලකුණු 94 ක් තුළ දඹුල්ල ඉනිමේ කඩුලු 6 ක් බිඳවැටුණද, ඉන් අනතුරුව පිටියට පිවිසි දුෂාන් හේමන්ත (21) සමග 7 වැනි කඩුල්ල සඳහා පන්දු 53 කින් ලකුණු 58 ක්ද, ලක්ෂාන් සඳකැන් (38) සමග එක්ව 8 වැනි කඩුල්ල සඳහා පන්දු 70 කින් ලකුණු 63 ක්ද එක් කිරීමට භානුක සමත් විය.
දඹුල්ල පිල - ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 241
(මිනෝද් භානුක 102, සොනාල් දිනූෂ 18, දුෂාන් හේමන්ත 21, ලක්ෂාන් සඳකැන් 38, මිලාන් රත්නායත 36/4, නිමේෂ් විමුක්ති 24/2, දුනිත් වෙල්ලාලගේ 49/2)
ගාල්ල පිල - ඕවර 47.1 කදී කඩුලු 9 ක් දැවී 242
(ෂෙහාන් ප්‍රනාන්දු 67, පසිඳු සූරියබණ්ඩාර 15, ධනංජය ලක්ෂාන් 34, දුනිත් වෙල්ලාලගේ 52, ළහිරු සමරකෝන් නොදැවී 53, ලක්ෂාන් සඳකැන් 60/3, විෂ්ව ප්‍රනාන්දු 40/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.