Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හංවැල්ල රාජසිංහ මැදි විදුහල සහ රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහල අතර රාජසිංහ මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ශාන්ත ඇලවීෂියස් විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශාන්ත ඇලවීෂියස් විදුහලේ ගීත් චලංග ලකුණු 87 කට කඩුලු 12 ක් දවාගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළේය.
රාජසිංහ මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 28 කදී සියලු දෙනා දැවී 101
(ශක්ති උදාර නොදැවී 25, ගීත් චලංග 32/5, සුපුන් චමීර 12/3)
ශාන්ත ඇලවීෂියස් විදුහල් පළමු ඉනිම - ඕවර 33 කදී සියලු දෙනා දැවී 76
(ශක්ති උදාර 20/5, දනුක ලක්ෂාන් 25/3, සංජුල නවීන් 21/2)
රාජසිංහ මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 50.2 කදී සියලු දෙනා දැවී 138
(රුක්ෂාන් දිලුක්ෂ 33, දනුක ලක්ෂාන් 27, ගීත් චලංග 55/7)
ශාන්ත ඇලවීෂියස් විදුහල් පළමු ඉනිම - ඕවර 35.3 කදී කඩුලු 3 ක් දැවී 165
(තිමිර කාශ්‍යප නොදැවී 52, විහාර ජනජිත් 48, චානුක ධනංජය 25, නඳුන් ප්‍රියදර්ශන නොදැවී 22, දනුක ලක්ෂාන් 64/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.