Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිස් ගේල්ගේ (නොදැවී 84) ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් අබුඩාබි දහයයි-10 තරගයකදී මරාතා ඇරබියන්ස් පිලට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට අබුඩාබි පිල සමත්විය. පන්දු 22 කදී හයේ පහර 9 ක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 84 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ ක්‍රිස් ගේල් දහයයි-10 ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය ලබාගැනීම් වාර්තාව සමකිරීමට සමත්විය.
මින් පෙර 2018 වසරේදී මොහොමඩ් ශෙෂාඩ් විසින් පන්දු 12 කදී අර්ධ ශතකය ලබාගනිමින් මෙම වාර්තාව තබා ඇත.
ක්‍රිස් ගේල්ගේ ලකුණු 84 ලබාගැනීම සටහන් වූයේ 0, 0, 4, 4, 4, 6, 6, 6, 6, 4, 6, 4, 6, 1, 6, 6, 1, 4, 2, 1, 1, 6 පරිද්දෙනි. ක්‍රිස් ගේල් තමන්ව හඳුන්වා ගන්නේ ලෝකෙට ලොක්කා යනුවෙනි.
මරාතා ඇරබියන්ස් - ඕවර 10 කදී කඩුලු 4 ක් දැවී 97
(අලිශාන් ශරාෆු 33, මොහොමඩ් හෆීස් 20, ශොයිබ් මලික් නොදැවී 15, ඔබෙඩ් මැකෝයි 20/2, නවීන් උල්හක් 21/1, ජේමී ඕවරටන් 21/1)
ටීම් අබුඩාබි - ඕවර 5.3 කදී කඩුල්ලක් දැවී 100
(ක්‍රිස් ගේල් නොදැවී 84, මොසැඩෙක් හුසේන් 22/1)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.