Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චමරි ඉතිහාසය නිර්මාණය කරයි

චමරි ඉතිහාසය නිර්මාණය කරයි

editorial - 2023 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්ත කාන්තාවන්ට එරෙහිව ගාල්ලේදී කළ වික්‍රමාන්විත පිතිහරඹ දෙකකින් පසුව, අන්තර්ජාතික එක්දින පිතිකාරිනියන් අතරේ පළමු ස්ථානය ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට හිමිවී තිබේ. ශ්‍රී ලාංකික පිතිකාරිනියක් ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණ ගත් පළමු වැනි අවස්ථාව මෙයයි. 

අන්තර්ජාතික පිතිකාරිනියන් අතරේ මුල් ස්ථානය අත්පත් කරගත් පළමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව ලෙසින් වාර්තා පොතට එක්වූ චමරි, ගාල්ලේ පැවැති තරග දෙකකදී නොදැවී ලකුණු 108 ක් සහ නොදැවී ලකුණු 140 ක් බැගින් ලබාගත්තාය. එම තරග දෙකේදීම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණ අත්කරගනිමින් නවසීලන්ත කාන්තාවන්ට එරෙහිව 2-1 ක තරගාවලි ජයක් අත්පත් කරගත්තේය. එය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් විසින්, එක්දින තරගාවලියකදී නවසීලන්තය පරාජය කරන ලද මුල්ම අවස්ථාවයි. 

නවතම යාවත්කාලීනය අනුව, අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ ඉහළින්ම සිටින පිතිකාරිනියන් 100 දෙනා අතරට ඇතුළත්ව සිටින්නේ ශ්‍රී ලාංකික කාන්තාවන් හත් දෙනකු පමණි. චමරි අතපත්තු (1), කවීෂා දිල්හාරි (37), හර්ෂිතා මාධවී (46), නිලක්‍ෂි ද සිල්වා (47), ප්‍රසාදිනී වීරක්කොඩි (66), හසිනි පෙරේරා (75) සහ අනුෂ්ක සංජීවනී (85) එම 100 දෙනා අතරට එක්ව සිටිති. 

ඉනෝකා රණවීර (18) පන්දු යවන්නියන් ශ්‍රේණිගත කිරීමේදී ඉහළින්ම සිටින ශ්‍රී ලංකා ක්‍රීඩිකාවයි. උදේශිකා ප්‍රබොධනී (32), ඕෂධී රණසිංහ (38), කවීෂා දිල්හාරි (56), සුගන්ධිකා කුමාරි (57), චමරි අතපත්තු (67), අචිනි කුලසූරිය (72), ඉනෝෂි ප්‍රනාන්දු (82) සහ අමා කාංචනා (92) පළමු පන්දු යවන්නියන් 100 දෙනා අතරට එක්ව සිටිති. 


අදහස් (0)

චමරි ඉතිහාසය නිර්මාණය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.