Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව එක්දින පිතිකාරිණියන් අතර 8 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත්ව සිටින්නීය. ඉන්දියාවට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති එක්දින තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඇය ශ්‍රේණිගත කිරීම්හි ඉහළට පැමිණ ඇත.
ඉන්දීය තරගාවලිය ආරම්භ වීමට පෙර එක්දින පිතිකාරිණියන් අතර 10 වැනි ස්ථානයේ පසුවූ චමරිට, තෙවැනි එක්දින තරගයේදී රැස්කළ වේගවත් ලකුණු 44 හේතුවෙන් ස්ථාන 2 ක් ඉහළට පැමිණීමට අවස්ථාව උදා වී ඇත. මේ දක්වා එක්දින ශ්‍රේණිගත කිරීම්හි චමරි ලබාගත් ඉහළම ස්ථානය මෙය වන අතර මින් පෙරද එක් අවස්ථාවකදී ඇය 8 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.
මින් පෙර චමරි ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයට පත්ව ඇත්තේ මීට වසර 5 කට පෙර එනම් 2017 වසරේ එංගලන්තයේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පන්දු 143 කින් ලකුණු 178 ක් රැස්කළ අවස්ථාවේදීය. මේ වන විට ඇය ලබා සිටින ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 655 කි.
චමරිට අමතරව ශ්‍රී ලංකා පිතිකාරිණියන් වන හර්ෂිතා සමරවික්‍රම එක් ස්ථානයක් ඉදිරියට එමින් එක්දින ශ්‍රේණිගත කිරීම්හි 43 වැනි ස්ථානයටද, නිලක්ෂි ද සිල්වා ස්ථාන 10 ක් ඉදිරියට එමින් එහි 47 වැනි ස්ථානයටද පත්ව ඇත. පිට දඟ පන්දු යවන ක්‍රීඩිකා ඉනෝකා රණවීර එක්දින පන්දු යවන්නියන් අතර 22 වැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ ස්ථාන 16 ක් ඉදිරියට එමිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.