Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදී වඩාත්ම ජනප්‍රිය ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු, 2024 වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව, වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව සහ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩිකාව යන සම්මාන තුන සඳහාම නිර්දේශ වී සිටී. මෙම සම්මාන සඳහා නිර්දේශ වීම මගින් ඇයගේ සුවිශේෂී හැකියාව, නොසැලෙන කැපවීම මෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් දැක්වූ අනුපමේය දායකත්වය ආදිය ද පිළිබිඹුවේ.
ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන කාන්තා බිග්බෑෂ් තරගාවලිය, නවසීලන්තයේදී පැවැත්වෙන කාන්තා සුපර් ස්මෑෂ් තරගාවලිය සහ දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය ආදියේදී කැපී පෙනෙන ක්‍රීඩිකාවක් වන චමරි අතපත්තු කාන්තා අයි.පී.එල්. තරගාවලියටත් තේරුනු ක්‍රීඩිකාවකි. ගෙවී ගිය 2024 වසරේදී චමරි විසින් දක්වන ලද දස්කම් අතර කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන යාමත් සුවිශේෂී එකකි. බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව ලබාගත් තරගාවලි ජයග්‍රහණයේදීත් ඇය කැපී පෙනෙන දායකත්වයක් දැක්වූවාය.
චමරිගේ මෙම අඛණ්ඩ දස්කම් නිසා ඇය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ පුරෝගාමී චරිතයක් ලෙසින් පමණක් නොව ශ්‍රී ලංකාවේ වැඩිම බලපෑමක් කළ හැකි ක්‍රීඩිකාවක් ලෙසින් ඇයට හිමිව ඇති ස්ථානයද ස්ථාවර කරගනී. ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගමේ සාඩම්බර සන්නාම තානාපතිනියක් වන චමරි වසර 11 කට අධික කාලයක් පුරා ඩයලොග් පවුල හා නිබඳව රැඳී සිටින්නීය.
ඩයලොග් සහ චමරි එකතුව, ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව පෙරට ගෙනයෑමටත්, ක්‍රීඩකත්වයේ ජීවගුණය ආරක්‍ෂා කරගනිමින් ඒ ඔස්සේ ඉදිරියට යෑමටත් ඉදිරිපත්ව සිටින්නීය. චමරි අතපත්තු අනාගත පරපුරට දිරිය සහ ශක්තිය පිරිනමයි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.