Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චමීර කොළඹින් ගාල්ලට
ලංකා ප්‍රිමියර් ලීග්

චමීර කොළඹින් ගාල්ලට

editorial - 2022 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මේ 31 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි අදියර සඳහා ක්‍රීඩක කාණ්ඩගත කිරීමට පෙර දුෂ්මන්ත චමීර සහ ලක්ෂාන් සඳකැන් සිය කණ්ඩායමට ඍජුවම ඇතුළත් කර ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පියවර ගෙන තිබේ. ඉකුත් වසරේ (2021) පැවැති තරගාවලියේදී ඔවුන් දෙදෙනාම ක‍ලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළහ. 

ක්‍රීඩක කාණ්ඩගත කිරීමට පෙර සෑම කණ්ඩායමකටම දේශීය ක්‍රීඩකයන් දෙදෙනකු සහ විදේශීය ක්‍රීඩකයන් දෙදෙනකු ඍජුවම සිය කණ්ඩායම්වලට ඇතුළත් කර ගැනීමට තරගාවලියේ සංවිධායකයන් අවසර ලබා දී තිබිණ. ඒ අනුව පාකිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනකු වන ඉමාඩ් වසීම් සහ ෆාහීම් අෂ්රෆ් විදෙස් ක්‍රීඩකයන් ලෙස ඍජුවම සිය කණ්ඩායමට ඇතුළත් කර ගැනීමටද ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කටයුතු කර තිබේ. 

එක් එක් කණ්ඩායම්වලට ඉකුත් වසරේදී ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතරින් දේශීය ක්‍රීඩකයන් සිවුදෙනා බැගින්ද, විදේශීය ක්‍රීඩකයන් දෙදෙනා බැගින්ද මෙම වසරේදීත් එම කණ්ඩායම්වලම රඳවාගැනීමටද තරග සංවිධායකයන් ඉඩකඩ ලබා දී තිබිණ. ඒ අනුව ඉදිරිපෙළ පිතිකරුවන් වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, තුන් ඉරියව් ක්‍රීඩක පුලින තරංග සහ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර මෙම වසරේදීත් කණ්ඩායමේ රඳවා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පියවර ගෙන තිබේ.

ඔවුන්ට අමතරව ඉකුත් වසරේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ පාකිස්තාන ආරම්භක පිතිකරු සර්ෆරාස් අහමඩ්ද මෙම වසරේදීත් එම කණ්ඩයමේම රඳවාගැනීමට එහි කලමණාකාරීත්වය තීරණය කර තිබේ. 

කෙසේ වුවත් ඉකුත් වසරේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ මෙම වසරේදී එම කණ්ඩයමෙන් ඉවත්ව ගොස් ඇත. ක්‍රීඩක කාණ්ඩගත කිරීමට පෙර දඹුල්ල ජයන්ස්ට්ස් කණ්ඩායම විසින් මෙම වසර සඳහා භානුක ඍජුවම සිය කණ්ඩායම්වලට ඇතුළත් කරගෙනු ලැබ ඇත.

 


අදහස් (0)

චමීර කොළඹින් ගාල්ලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.