Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චෙන්නායි පිල අවසන් මහ තරගයට

චෙන්නායි පිල අවසන් මහ තරගයට

ශනුක අරවින්ද - 2015 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල අතර රාංචිහිදී අද (22 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 3 ක ජයක් අත්කරගත් චෙන්නායි සුපර් කිංග්ස් පිල තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

ඒ අනුව ඔවුන් ලබන ඉරිදා (24 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව තරග වැදීමට නියමිතය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 140 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් පිල එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලූ 7 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.  

එහිදී පන්දු 46 කින් ලකුණු 56 ක් රැස්කිරීමට මයිකල් හසී සමත් වූ අතර ඔහුගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

නායක මහේන්ද්‍ර සිං දෝනි (26) සමග එක්වූ හසී, පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 47 ක සම්බන්ධතාවක් ගොඩනගමින් චෙන්නායි පිල ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් පිල  ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 139 ක් ලබාගත්තේය.

බැංගලෝර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කි‍්‍රස් ගේල් පන්දු 43 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 41 ක් ලබාගත්තේය.

මුලූ ලකුණු සංඛ්‍යාව 25 ක් වන විට නායක විරාට් කෝලි (ලකුණු 12) සහ ඒ. බී. ඩිවිලියස් (ලකුණු 1) පිටියෙන් ඉවත් කළ අශීෂ් නෙහෙරා, ලකුණු 28 ක් ලබාසිටි දිනේෂ් කාර්තික්ගේ කඩුල්ලද දවාගත්තේ බැංගලෝර් පිල දැඩි අපහසුතාවකට පත් කරමිනි.

කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට ආරාධනා කර සිටියේය.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල -  ඕවර 20 කදී කඩුලූ 8 කට 139
(කි‍්‍රස් ගේල් 41, දිනේෂ් කාර්තික් 18, සෆ්රාස් ඛාන් 31, අශීෂ් නෙහෙරා 28/3)

චෙන්නායි සුපර් කිංග්ස් පිල -  ඕවර 19.5 කදී කඩුලූ 7 කට 140
(ඞ්වේන් ස්මිත් 17, මයික් හසී 56, ෆෆ් ඩුප්ලෙසී 21, මහේන්ද්‍ර සිං දෝනි 26, යස්වින්දර් චාහල් 28/2)

-036 


අදහස් (0)

චෙන්නායි පිල අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.