Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇතුළුව මෙරට ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ සියලූ පාර්ශ්ව ඇගයීමට ලක් කෙරෙන ජනාධිපති සම්මාන ප‍්‍රදානෝත්සවය ලබන වසරේ මැයි මාසයේදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
එහි ප‍්‍රධාන ආරාධිතයා වන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාය.
මෙම ක‍්‍රීඩා සම්මාන ප‍්‍රදානෝත්සවය මෙතැන් සිට වාර්ෂිකව පැවැත්වීමට ද ක‍්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සම්මාන ලබන පුද්ගලයන් කණ්ඩායම් හා ආයතන නිර්දේශ කිරීම සඳහා ජාතික ක‍්‍රීඩා කෞතුකාගාරයේ පාලක සමන් අමරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර තිබේ.
හිටපු ජාතික මලල ක‍්‍රීඩා පුහුණුකරු ඒ.සී. ඩර්වින් පෙරේරා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ බී.ඒ. අබේරත්න, ජාතික කී‍්‍රඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල්, ජාතික ක‍්‍රීඩා සභාවේ සභාපති නිමල් ලෙව්කේ, මලල ක‍්‍රීඩා ප‍්‍රවීණයකු වන යෝගානන්ද විජේසුන්දර, හිටපු ජාතික යගුලිය විසි කිරීමේ ශූරයකු වන ටී.එෆ්. අලයිලීමා, ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ දත්ත සටහන්කරු ජී.ජී.යූ. සමන් කුමාර සහ නලින් ආටිගල යන මහත්වරු ඇතුළු ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවිනයන් පිරිසක් සම්මාන නිර්දේශ කමිටුවේ කටයුතු කරයි.
වසර 2014 හා 2015 සඳහා මුලින් සම්මාන උළෙල දෙකක් යෝජනා වී තිබුණත් ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා සම්මාන උත්සව කමිටුවට උපදෙස් දී ඇත්තේ ළඟ ළඟම සම්මාන උළෙල දෙකක් පැවැත්වීමේදී ඇතිවිය හැකි ප‍්‍රායෝගික ගැටලූ, වියදම් ආදිය පිළිබඳව සලකා බලා මෙම වසර දෙකම ඉලක්ක කරමින් එකම සම්මාන උළෙලක් පැවැත්වීම වඩාත් ගැලපෙන බවයි.
ක‍්‍රීඩා ඇමැතිවරයාගේ තීරණයට එකඟ වෙමින් 2014-2015 වසර සඳහා ලබන මැයි මාසයේදී එකම සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු කෙරේ.
සම්මාන උළෙල පැවැත්වීමේදී සම්මාන නිර්දේශ සලකා බැලෙන්නේ ගෙවුණු වසරේ ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා වන පරිදි කාලසීමාව සැලකිල්ලට ගනිමින් මෙම ජනාධිපති සම්මාන උළෙලේදී ජීවිත කාලයටම එක් වරක් පමණක් ලබාදෙන සම්මානයක් ද මෙරට ක‍්‍රීඩා ප‍්‍රවීනයන් සඳහා පිරිනැමීමට කටයුතු කෙරේ.
ජාතික ක‍්‍රීඩා සංගම් අගැයීමේ විශේෂ සම්මාන ද එහිදී පිරිනැමෙන අතර එහිදී සම්මාන නිර්දේශ සලකා බැලෙන්නේ අදාළ වසරේ මාර්තු 31 වැනිදා සිට ඊළඟ වසරේ අපේ‍්‍රල් 1 වැනිදා දක්වා වන ජාතික ක‍්‍රීඩා සංගම් පරිපාලන වසරක කාලයක් සැලකිල්ලට ගනිමිනි.
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.