Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජනාධිපති ක්‍රිකට් ගැනත් හොයයි

ජනාධිපති ක්‍රිකට් ගැනත් හොයයි

editorial - 2021 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පත්වී ඇති අභාග්‍යසම්පන්න තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ක්‍රිකට් තාක්‍ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේදී පැවැත්වෙයි. මෙම සාකච්ඡාව සඳහා ක්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ මහතාද සහභාගි වන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත්තේ මෙම සාකච්ඡාව හදිසියේ කැඳවූ එකක් නොව, මීට සති දෙකකට පමණ ඉහතදී ජනාධිපතිවරයාගේ නියෝගයක් මත කැඳවන ලද සාකච්ඡාවක් බවයි.

අරවින්ද ද සිල්වා (සභාපති), රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර ක්‍රිකට් තාක්‍ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයෝ වෙති.

කුමාර් සංගක්කාර මහතා මේ වන විට ශ්‍රී ලංකාවෙන් පිටත සිටින නමුත් අන්තර්ජාලය ඔස්සේ මෙම සාකච්ඡාවට සහභාගි වන බවද දැනගන්නට තිබේ.


- 213


අදහස් (0)

ජනාධිපති ක්‍රිකට් ගැනත් හොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.