Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජයග්‍රහණයේ තෑග්ග කෝටි 2 යි

ජයග්‍රහණයේ තෑග්ග කෝටි 2 යි

editorial - 2021 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තුන්වැනි විස්සයි-20 තරගයේදී ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් කඩුලු 7 ක විශිෂ්ට ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම වසර දෙකකට පසුව ලබාගත් වි-20 තරගාවලි ජයග්‍රහණය අගය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්‍ෂයක ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 2 ඉක්මවන්නකි.

තුන්වැනි එක්දින තරගයේදී ලකුණු 82 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7 කින් එම තරගය ජයගත් අතර තරගාවලිය්දී 2-1 ක් ලෙසින් ඉන්දීය පිල පරාජය කළහ.

ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි-20 තරගාවලියක් ජයගත්තේ වසර දෙකකට ආසන්න කාලයකට පසුවය. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් විස්සයි-20 තරගවලි ජයග්‍රහණය වූයේ දසුන් ශානකගේ නායකත්වය යටතේ 2019 ඔක්තෝබර් මාසයේදී පාකිස්තානයට එරෙහිව, පාකිස්තානයේදීම ලබාගත් 3-0 ක තරගාවලි ජයග්‍රහණයයි.

ඉන්දීය පිල විස්සයි-20 තරගාවලියක් පරාජය වූයේ වසර දෙක හමාරකට පසුවය. 2019 පෙබරවාරියේදී ඕස්ට්‍රේලියානු පිල හමුවේ ලද 2 - 0 ක තරගාවලි පරාජයෙන් පසුව  ඉන්දියානුවෝ විස්සයි-20 තරගාවලි 8 කදී අපරාජිතව සිටි අතර ඒවායින් 7 ක්ම ජයගත්හ.

- 213

 


අදහස් (0)

ජයග්‍රහණයේ තෑග්ග කෝටි 2 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.