Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජයසූරියගේ පුතා දේශීය තරග බිමට

ජයසූරියගේ පුතා දේශීය තරග බිමට

editorial - 2024 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මෙන්ම වත්මන් පුහුණුකරුද වන සනත් ජයසූරියගේ පුත් රනුක් ජයසූරිය ඊයේ (26 වැනිදා) අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ දෙදින තරගාවලියේදී එස්.එස්.සී. ක්‍රීඩා සමාජ කණ්ඩායම නියෝජනය කරමින් දේශීය තරග බිමට අවතීරණ විය. 

තමා සහභාගි වූ පළමු අන්තර් සමාජ තරගයේදීම අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීමට අංක 3 ස්ථානයේ පන්දුවට පහරදුන් රනුක් සමත් විය. පන්දුව අතින් ඇල්ලීමේ වරදට හසවෙමින් දැවී යන විට ඔහුගේ මංගල අර්ධ ශතකයට හතරේ පහර 6 ක් අන්තර්ගත වී තිබිණ. 

එස්.එස්.සී. කණ්ඩායම සහ සී.සී.සී. කණ්ඩායම අතර පැවැති මෙම තරගය ජය පැරදුමකින් තොරව අවසන් වූ අතර තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එස්.එස්.සී. ක්‍රීඩා සමාජය කඩුලු 8 ක් දැවී ලකුණු 201 ක් ලබා සිටියේය. 

පළමු ඉනිම වෙනුවෙන් සී.සී.සී. කණ්ඩායම කඩුලු 9 ක් ලබගත් ලකුණු 339 ට පිළිතුරු වශයෙන් එස්.එස්.සී. කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ කඩුලු 224 ක් පමණි. 


සී.සී.සී. 23 න් පහළ පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 339 
(ශලින් ද මෙල් 40, සුකිත මනෝජ් 124, හිරුන් කපුරුබණ්ඩාර 70, හිරුන ගාල්ලගේ 31, ගිත්මින් කොළඹගේ නොදැවී 28, සදිෂ රාජපක්ෂ 119/4, ෂෙහාන් හසරංග 54/3අක්මාල් ෆසාල් 53/2) 

එස්.එස්.සී. 23 න් පහළ පළමු ඉනිම - සියලු දෙනා දැවී 224
(රිවිත් ජයසූරිය 24, රනුක් ජයසූරිය 54, සදිෂ රාජපක්ෂ 26, රනුද සෝමරත්න 22, නිකිත් පෙරේරා 61, ගිෂාන් බාලසූරිය 20, ක්‍රිෂ්ණ ශිරම් 68/5, ෂෙරෝන් අභිෂේක් 52/2)  

එස්.එස්.සී. 23 න් පහළ දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 201 
(රිවිත් ජයසූරිය 23, විෂාල් රුක්ෂාන් 20, රනුද සෝමරත්න 46, සසිඳු මල්ෂාන් 60, ගිත්මිනක් කොළඹගේ 60/3, ෂෙරෝන් අභිෂේක් 37/2, ක්‍රිෂ්ණ ශිරම් 83/2)  


අදහස් (0)

ජයසූරියගේ පුතා දේශීය තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.