Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජයසූරිය අසනීපයෙන්

ජයසූරිය අසනීපයෙන්

editorial - 2021 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වන සනත් ජයසූරියට ඇතිවී ඇති අසනීප තත්වයක් හේතුවෙන්  රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස් තරගාවලියේ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා නොකිරීමේ තත්වයක් ඇති බව කණ්ඩායම් කළමණාරු ශාම් ඉම්පෙට් මහතා පැවසීය.

1996 වසරේ දිනාගත් එක්දින ලෝක කුසලාන තරගාවලියට වසර 25 ක් පිරීම නිමිත්තේ ඊට සමගාමිව හෙට (17 වැනිදා) කොළඹදී පැවැත්වෙන උත්සවයකට එක්වීමටද ජයසූරිය බලාපොරෙත්තුවෙන් සිටියේය. එහෙත් අසනීප තත්වය හේතුවෙන් මෙම අවස්ථාවේදී ගුවන් ගමන්වල යෙදීම නුසුදුසු බව වෛද්‍ය උපදේශය වී තිබේ.

“රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස්” තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය හෙට (17 වැනිදා) පැවැත්වෙන අතර දෙවැනි අවසන් පූර්ව තරගය අනිද්දා (18 වැනිදා) පැවැත්වේ.

 

- 2079

 


අදහස් (0)

ජයසූරිය අසනීපයෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.