Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජාතික සංචිතයේ පුහුණුවීම අත්හිටුවයි

ජාතික සංචිතයේ පුහුණුවීම අත්හිටුවයි

යොහාන් භාසුර - 2020 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ් 19’ අවදානම නැවතත් හිස එසවීමත් සමඟ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයේ පුහුණුවීම් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ. සෞඛ්‍ය අවදානමෙන් පසුව පුහුණුවීම් අත්හිටුවා දින කීපයක් ගතවී තිබුණද මේ දක්වා නැවත පුහුණුවීම් ආරම්භ කරන බවට කිසිදු ක්‍රීඩකයකුට දැනුම් දී නොමැත.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකුගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ මීට දින දෙක තුනකට පෙර පුහුණුවීම් අත්හිටුවූ බවත් නැවත ආරම්භ කරන දිනයක් මේ දක්නා දැනුම්දී නොමැති බවයි.

“සංචිතයේ සිටින ක්‍රීඩකයන් සහභාගි වන එක්දින තරගාවලියත් කල්දැම්මානේ. ඉන් පසුව පුහුණුවීම් පැවැත්වුණේ නෑ. අපි හිතනවා ඉක්මනින් පුහුණුවීම් ආරම්භ කරයි කියලා” යැයි එම ක්‍රීඩකයා වැඩි දුරටත් පැවසීය.

ක්‍රීඩා වෛද්‍ය ඒකකය පසුගිය මැයි මස 11 වැනිදා නිකුත් කළ මාර්ගෝඋපදේශනවලට අනුව පුහුණුවීම් කළ හැකි ආකාර පහක් දක්වා තිබේ. ඒ අනුව ඉදිරියේදී ජාතික ක්‍රිකට් කණ්ඩායමට ද පුහුණුවීම් ආරම්භ කිරීමේ හැකියාව තිබේ.  

පළමු ‘කොවිඞ් 19’ අවදානමෙන් පසුව මීට මාස දෙකකට පමණ පෙර බංග්ලාදේශ සංචාරය ඉලක්ක කරමින් ක්‍රීඩකයන් 25 ක සංචිතයක් පුහුණුවීම් ආරම්භ කළේය.


අදහස් (0)

ජාතික සංචිතයේ පුහුණුවීම අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.