Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ටෙස්ට් ක්‍රිකට් රැකගන්න අරමුදලක්

ටෙස්ට් ක්‍රිකට් රැකගන්න අරමුදලක්

editorial - 2024 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සුරක්‍ෂිතතාව වෙනුවෙන් ඇමරිකනු ඩොලර් මිලියන 15 ක අරමුදලක් ඇතිකිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයෙන් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා මහතාගේ මෙන්ම එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලවලත් කැමැත්ත හිමිවී ඇතැයි ‘සිඞ්නි මෝර්නිං හෙරල්ඞ්’ පුවත් පත කියයි. 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මීළඟ සභාපතිවරයා වීමට බොහෝ ඉඩකඩ ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන ක්‍රීඩකයන්ගේ ගෙවීම් වැඩි කරමින්, ලෝකයේ දක්‍ෂතම ක්‍රිකට් ක්‍රීඩකයන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව හැරපියා පෞද්ගලික හිමිකම් ඇති කණ්ඩායම් වෙත නැඹුරුවීම වළක්වා ගැනීම සඳහා මෙම අරමුදල ඇති කෙරේ. මෙම අරමුදල මගින් ටෙස්ට් කණ්ඩායම් වල විදේශ සංචාර සඳහාත් ආධාර කිරීමට නියමිතය. 

“ටෙස්ට් ක්‍රිකට් අරමුදල සඳහා පසුබිමේ කිසියම් ක්‍රියාන්විතයක් තියෙනබව දැක ගැනීමත් සතුටක්” යයි ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනයේ සභාපති මයික් බෙයාර්ඞ් මහතා පවසා තිබේ. පසුගිය ජනවාරියේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව වෙත මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ ඔහු විසිනි. 

“ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව හමුවේ තියෙන බාධක ඉවත් කරලා, ඒක ලෝකයේ තියෙන ඉහළම මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවේ උත්කෘෂ්ඨම අංගය කරන්නයි අපේ අවශ්‍යතාව. ඓතිහාසික වශයෙන් ඊට තියෙන ඉහළ පිළිගැනීම වගේම ගෞරවනීය තත්ත්වය, සුදු පන්දුවෙන් කෙරෙන නවීන පන්නයේ ක්‍රිකට් ක්‍රීඩාවන් අතරේ ඉදිරියෙන් තබාගැනීමත් අපේ අපේක්‍ෂාවක්” යයි ද මයික් බෙයාර්ඞ් මහතා පවසා තිබේ. 

කෙසේ වෙතත් ලෝකයේ පොහොසත්ම ක්‍රිකට් පාලක මණ්ඩල තුන ලෙසින් සැලකෙන ඉන්දියානු, ඕස්ටේ්‍රලියානු සහ එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩල වලට මෙම අරමුදලෙන් ආධාර නොකෙරෙනු ඇත. මෙම රටවල් තුනම මේ වන විටත් ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉතා ඉහළ වැටුප් ගෙවති. 

මේ අතර රූපවාහිනී අයිතිවාසිකම් සම්බන්ධයෙන් ‘ස්ටාර්’ රූපවාහිනී සමාගම සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාව අතර කඹ ඇදීමක් හටගෙන තිබේ. වසර 2022 ගිවිසුම පරිදි ඩොලර් බිලියන 3 ක ගිවිසුම හරි අඩකින් අඩුකිරීමට ‘ස්ටාර්’ රූපවාහිනී සමාගම අන්තර්ජාතික ක්‍රිකට් සභාවට බලපෑම් කරමින් සිටී. 


- 213


අදහස් (0)

ටෙස්ට් ක්‍රිකට් රැකගන්න අරමුදලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.