Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ටෙස්ට් තරගාවලිය ආසන්නයේදී ලැබූ ජය වැදගත්-මැතිව්ස්

ටෙස්ට් තරගාවලිය ආසන්නයේදී ලැබූ ජය වැදගත්-මැතිව්ස්

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ටෙස්ට් තරගාවලිය ආසන්යේ තිබියදී පස්වැනි සහ අවසන් එක්දින තරගය ජය ලැබීම කණ්ඩායමට හොද දිරිගැන්වීමක් බව ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් තරගය අවසන් වීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

අබුඩාබිහිදී ඊයේ (27 වැනිදා) පැවැති අවසන් එක්දින තරගය ශ‍්‍රී ලංකාව කඩුලූ 2 කින් ජය ලැබූව ද පාකිස්තානය 3-2 කින් තරගාවලියේ ජය හිමිකර ගත්තේය.
එම මාධ්‍ය හමුවේදී ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් මෙසේ ද පැවසීය.

”අපි මේ තරගාවලිය පරාජයට පත්වුණා. මේ තරගාවලියේ පළමු තරගය අපි පරාජය වුණේ ලකුණු 11 කින්, දෙවැනි තරගය ජය ගත්තා. මම පිළිගන්නවා තුන්වැනි සහ හතරවැනි තරගවල අපි දුර්වල වුණා. ඉදිරි ටෙස්ට් තරග තුන පිළිබදව අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා”

”මේ තරගයේදී කාසියේ වාසිය වැදගත් වුණා, අපිට අවශ්‍යව තිබුණේ පළමුව ලකුණු රැස්කිරීම. හොද තරගයක් දුන්නා, මේ තරගයේදී අපේ පන්දු යවන්නෝ හොදින් පන්දු යැවුවා. හොද ආරම්භයක් ලැබුණා, ඉනිමේ අවසානයේ අවිනිශ්චිත තත්ත්වයක් ඇති වුවත්, චන්දිමාල් සහ මෙන්ඩිස් දක්‍ෂ ලෙස පන්දුවට පහර දෙමින් ජයග‍්‍රහණය දක්වා රැගෙන ආවා”

”පළමු ඉනිමේ එතරම් පන්දුව දග කැවුණේ නෑ. නමුත් දෙවැනි ඉනිමේ ඊට වඩා දග කැවුණා. අපේ ප‍්‍රධානතම පන්දු යවන්නා වන ලසිත් මාලිංග කඩුලූ 4 ක් දවා ගත්තා, උප නායකයා චන්දිමාල් වගකීම අරගෙන හොද ඉනිමක් ක‍්‍රීඩා කළා”

”පාකිස්තානු පිලේ හොදම පන්දු යවන්නා වන උමාර් ගුල් 49 වැනි  ඕවරය යැවුවා නමුත් චන්දිමාල් සහ මෙන්ඩිස් ඒ අභියෝගය ජය ගත්තා”

ටෙස්ට් තරගාවලියට මහේල සහ රංගන පැමිණ සිටීම පිළිබදව කළ විමසුමකදී මැතිව්ස් මෙසේ පැවසීය.

”ශ‍්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයන් වන මහේල සහ රංගන නොමැතිව එක්දින තරගාවලියට  මුහුණ දුන්නා. අෂාන්, කිත්රුවන් නවකයන් හැටියට හොදින් ක‍්‍රීඩා කළා. මහේල සහ රංගන ටෙස්ට් තරගාවලියට පැමිණ සිටිනවා, ඒ නිසා අපිට ටෙස්ට් තරගාවලියේදී ශ‍්‍රී ලංකාවේ උපරිම ශක්තිය එකතු වී තිබෙනවා”

”අපි ටෙස්ට් තරගාවලිය පිළිබදව හොද මානසික තත්ත්වයක ඉන්නවා. අපි දන්නවා ඔවුන් සතුව ප‍්‍රබල පන්දු යැවීමේ බලඇණියක් ඉන්නවා, එයට මුහුණ දීමට අපේ හො`ද පිතිකරු ලැස්තුවක් ඉන්නවා, අපේ පන්දු යැවීමේ අංශයත් ඉතාමත් හොදයි. අභියෝගයට මුහුණදීමට අපේ කණ්ඩායම ඉතාමත්ම ශක්තිමත්ව ඉන්නවා”

”තිරිමාන්න ලංකාවට යවන්න මේ දක්වා තීරණය කර නෑ. ඉදිරි දින දෙක තුනේදී තීරණයක් ගනී. භෞතචිකිත්සකවරයා කියන්නේ ඔහුට දෙවැනි ටෙස්ට් තරගය ක‍්‍රීඩා කරන්න හැකි වෙයි කියලා” යැයි ඇන්ජලෝ මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.

දෙරට අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය අබුඩාබිහි ෂේක් සයිඞ් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී මේ මස 31 වැනිදා ආරම්භ වේ.
 


අදහස් (0)

ටෙස්ට් තරගාවලිය ආසන්නයේදී ලැබූ ජය වැදගත්-මැතිව්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.