Last Update  :  2025-01-15 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩී.එස්.සේනානායක – දේවපතිරාජ සම ශූරයෝ වෙති
13න් පහළ ක්‍රිකට්

ඩී.එස්.සේනානායක – දේවපතිරාජ සම ශූරයෝ වෙති

editorial - 2025 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ සම ශූරයින් බවට පත්වීමට 
කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත්වූහ. පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පසුගිය ඉරිදා (12 වැනිදා) පැවැති තරගාවලියේ අවසන් තරගය ජය පැරදුමෙන් තොරව නිමා විය. 

අවසන් මහ තරගය කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැළසුම් කොට තිබුණද පෙර දින ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය පැවැත්වීමට නොහැකි විය. එනිසා පානදුර ශාන්ත ජෝන් ක්‍රීඩාංගණයේ අවසන් තරගය පැවැත්වීමට කණ්ඩායම් දෙකම කැමැත්ත පළ කිරීම හේතුවෙන් තරගය ප්‍රමාද වී ආරම්භ කෙරිණ. 

කාසියේ වාසිය හිමිකරගත් කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් රත්ගම දේවපතිරාජ විද්‍යාල කණ්ඩායම ඕවර 45.4 කදී කඩුලු 7ක් දැවී ලකුණු 202ක් රැස් කළේය. දේවපතිරාජ  වෙනුවෙන් දෙනුවන් යෝෂිත ලකුණු 54 ක් රැස් කළ අතර, නායක දියත් සංජිත ලකුණු 40ක් ලබාගත්තේය. 

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නිමා වන විට කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයීය කණ්ඩායම ඕවර 4.4 කදී කිසිවකු නොදැවී ලකුණු 42ක් රැස් කළේය. එහිදී උප නායක හමීඩ් අෆ්ඩාල් නොදැවී ලකුණු 19 ක් රැස් කළ අතර, නායක මියුරු බණ්ඩාර නොදැවී ලකුණු 11ක් ලබාගත්තේය. 

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ උපාලි අමරතුංග, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ලීලානන්ද කුමාරසිරි, රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ විදුහල්පති සෑම් ජයතිස්ස ද සිල්වා යන මහත්වරු සහභාගි වූහ. 

 

රත්ගම දේවපතිරාජ විද්‍යාලය - පළමු ඉනිම ඕවර 45.4 කදී කඩුලු 7 ක් දැවී   202 යි
(දෙනුවන් යෝෂිත 54, දියත් සංජිත 40, අධීෂ ගෞතම් 39, පිනිඳු නෙත්සර 16, දෙනෙත් දිනුක 11, ශාක්‍ය වීරසේකර)

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය - පළමු ඉනිම ඕවර 4.4 කදී කිසිවකු නොදැවී 42 යි. 
(හමීඩ් අෆ්ඩාල් නොදැවී 19, මියුරු බණ්ඩාර නොදැවී 11 )


අදහස් (0)

ඩී.එස්.සේනානායක – දේවපතිරාජ සම ශූරයෝ වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.