Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙවර ගිම්හානයේදී ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් වි:20 කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ගේ සේවය ලබාගැනීමට ‘සිඞ්නි තන්ඩර්ස්’ කණ්ඩායම තීරණය කර ඇත.
වසර දෙකක්ම බිග් බෑෂ් තරගාවලියේ අසාර්ථක වූ ‘සිඩිනි තන්ඩර්ස්’ කණ්ඩායම ඩිල්ෂාන්ගේ සේවය ලබාගැනීමට තීරණය කර ඇත්තේ ඔහු මේ වන විට ටෙස්ට් තරග වලින් සමුගෙන සිටින බැවිනි. එබැවින් 2013 දෙසම්බර් සහ 2014 ජනවාරි මාසවලදී පැවැත්වෙන බිග් බෑෂ් තරගාවලියේ තරග වැඩි ප‍්‍රමාණයකට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව ඩිල්ෂාන්ට ලැබෙනු ඇත.
37 හැවිරිදි ඩිල්ෂාන් මේ වන විට ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගෙන සිටියද එක්දින සහ විස්සයි:20 තරග වලදී ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කරයි. ශී‍්‍ර ලංකා - පාකිස්තානු වි:20 තරගාවලිය ලබන මස 11 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වන අතර අවසන් එක්දින තරගය පැවැත්වෙන්නේ දෙසැම්බර් 27 වැනිදාය.
ඩිල්ෂාන් පවසන්නේ තමන් මෙම ගිවිසුම අත්සන් කිරීමට මූලික කාරණා දෙකක් වූයේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු සහාය පුහුණුකරුවකු වන චන්දික හතුරුසිංහ සමග ඇති සම්බන්ධතාවත් ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු විශිෂ්ටතම පිතිකරුවකු වන මයික් හසී සමග එකම කණ්ඩායමේ කී‍්‍රඩා කිරීමට ඇති ආශාවත් බවයි.
”මෙච්චර කාලයක් අපි එකම තරගයක කී‍්‍රඩා කළත් ඒ සෑම අවස්ථාවකම හිටියේ කණ්ඩායම් දෙකක. ඇතැම් අවස්ථාවලදී අප අතර වාද විවාද පවා ඇතිවුණා......ඒ නිසා එකම කණ්ඩායමක කී‍්‍රඩා කරන්න ලැබෙන අවස්ථාව හොඳ එකක්. මගේ කි‍්‍රකට් තරග දිවියට ඒක තවත් අත්දැකීමක් වේවි” යයි ඩිල්ෂාන් ඕස්ටේ‍්‍රලියාවේ ‘ද ඒජ්’ පුවත් පතට පවසා තිබිණ.
විස්සයි:20 අන්තර්ජාතික පිතිකරුවන් අතරේ 4 වැනි ස්ථානයේ සිටින ඩිල්ෂාන්ට ඉදිරියෙන් සිටින්නේ බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය), මහේල ජයවර්ධන සහ ඬේවිඞ් වෝනර් ( ඕස්ටේ‍්‍රලියාව) පමණි.
සිඞ්නි තන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කරන ඬේවිඞ් වෝනර්ද බිග් බෑෂ් තරගාවලියේදී ඩිල්ෂාන්ගේ කණ්ඩායම් සගයකු වීමට නියමිත වුවත් ඔහු අළු බඳුන තරගාවලියේදී ඕස්ටේ‍්‍රලියානු පිල වෙනුවෙන් කී‍්‍රඩා කරමින් සිටී.
වරක් ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව පැවැති වි:20 තරගයකදී පන්දු 57 කින් ලකුණු 104 ක් ලබාගත් ඩිල්ෂාන් පසුගිය 21 වැනිදා, මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී නවසීලන්ත පිලට එරෙහිව පැවැති වි:20 තරගයේදී පන්දු 49 කින් නොදැවී ලකු-ණු 59 ක් ලබාගනිමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 8 ක විශිෂ්ට ජයක් කරා කැඳවාගෙන ගියේය.
වසර 2010-11 බිග් බෑෂ් තරගාවලියේදී ඩිල්ෂාන් පළමුව කී‍්‍රඩා කිරීමට සූදානම් වුවත් 2011 ලෝක කුසලාන තරගාවලියට පෙර ඔහු ආබාධයකට ලක්වූවොත් යන අනුමානය නිසා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් එය වළක්වන ලදි. කෙසේ වෙතත් අයි. පී. එල්. තරගාවලිය මෙන්ම වි:20 කි‍්‍රකට් ලෝකයේ ඉතාමත්ම තරගකාරී තරගාවලියක් වන බිග් බෑෂ් තරගාවලිය වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට තමන්ට තිබුණ ආශාව කිසිදා වියැකී නොගිය බව ඩිල්ෂාන් පවසයි.
”බිග් බෑෂ් තරගාවලියේ කී‍්‍රඩා කිරීමට මා ඉතා ආශාවෙන් ඉන්නවා. එය ඉතාමත් විශිෂ්ට තරගාවලියක්”
”පසුගිය වසර තුනේදීම මා එහි කී‍්‍රඩා කිරීමට උත්සාහ කළත් ඒ සෑම අවස්ථාවකදීම මට ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කරන්න සිදුවුණා....ඒත් මේ වතාවේදී තරග වැඩි ප‍්‍රමාණයකට මා නිදහස්”
”පන්දුව තරමක් වැඩියෙන් ඉහළ එන ඕස්ටේ‍්‍රලියානු තණතීරුවල කී‍්‍රඩා කරන්න මා කවදත් කැමතියි” යයිද ඩිල්ෂාන් පැවසීය.
ශී‍්‍ර ලංකා - පාකිස්තානු එක්දින තරගාවලිය නිසා බිග් බෑෂ් තරගාවලියේ පළමු තරග දෙකට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව ඩිල්ෂාන්ට නොලැබෙනු ඇත. එහෙත් කණ්ඩායමට එක්වූ පසුව, සිඞ්නි තන්ඩර්ස් කණ්ඩායමේ ප‍්‍රධානතම අන්තර්ජාතික කී‍්‍රඩකයා වශයෙන් කි‍්‍රස් ගේල්ගේ ස්ථානය ඩිල්ෂාන්ට හිමිවනු ඇත.
සිඞ්නි තන්ඩර්ස් කණ්ඩායම පසුගිය වසර දෙකේදීම අසාර්ථක වූ බව තමන් දන්නා නමුත් තරගාවලියට පෙර චන්දික හතුරුසිංහ සහ මයික් හසී දෙදෙනාගේ සැලසුම් සම්බන්ධයෙන් තමන්ට විශ්වාසයක් ඇති බවත් ඩිල්ෂාන් පවසයි.
”මට තනිවම සෑමදේම කරන්න බෑ. අප කණ්ඩායමක් හැටියට වෙහෙස වී කටයුතු කළ යුතු-යි”
”විශේෂයෙන්ම හොඳ කී‍්‍රඩකයන් රැුසක් සිටිනවා. ඉතින් හොඳ ආරම්භයක් ලබාගත්තොත් තරගාවලියේ සාර්ථකව ඉදිරියට යා හැකියි” යයිද ඩිල්ෂාන් ද ඒජ් පුවත් පතට පවසා තිබිණ.
මෙම තරගාවලියෙන් අනතුරුව බංග්ලාදේශයේදී පැවැත්වෙන ආසියානු කුසලාන සහ වි:20 ලෝක කුසලාන තරගාවලි සඳහා බිග් බෑෂ් තරගාවලිය තමන්ට වඩාත් හොඳ පෙර සූදානමක් විය හැකි බවද ඩිල්ෂාන් පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.