Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තම්බේ රාජස්තාන් පිල අවසන් තරගයට ගෙනයයි

තම්බේ රාජස්තාන් පිල අවසන් තරගයට ගෙනයයි

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරුණයන්ගේ කී‍්‍රඩාවක් වන විස්සයි/20 කි‍්‍රකට් කී‍්‍රඩාවේදී තරුණයන් අභිබවා යන දස්කම් පෙන්වූ ප‍්‍රවීන් තම්බේ ඉන්දියාවේදී පැවැත්වෙන චැම්පියන්ස් ලීග් තරගාවලියේ අවසන් තරගය දක්වා රාජස්තාන් රෝයල්ස් පිල කැඳවාගෙන ගියේය.

සිය 42 වැනි උපන් දිනයට දින 4 ක් පමණක් තිබියදී, පන්දු 15 කින් ලකුණු 10 කට කඩුලූ 3 ක් දවාගත් ප‍්‍රවීන් තම්බේ, ලකුණු 160 ක ඉලක්කයක් කරා යමින් සිටි චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ගමන ලකුණු 145 කදී නතර කිරීමට කටයුතු සැලසීය. චැම්පියන්ස් ලීග් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී කළ මෙම දස්කම හේතුවෙන් රාස්තාන් රෝයල්ස් පිල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

පිතිකරුවන්ගේ ජය භූමියක් ලෙස සැලකෙන ජායිපූර්හි ස්වාමි මන්සිං කී‍්‍රඩාංගණයේදී ඊයේ (4 වැනිදා) පැවැති මෙම තරගයේදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ද සමගින් පන්දු 35 කදී ලකුණු 46 ක් ලබාගත් රවිචන්ද්‍රන් අශ්වින් පිටියේ රැඳී සිටි හෙයින් පළමුවෙන් පන්දුටවට පහර දුන් රාස්තාන් පිල කඩුලූ 8 ක් දැවී ලබාගත් ලකුණු 159 මදි බවක් දැනිණ. එහෙත් ප‍්‍රවීන් තම්බේගේ පන්දු යැවීම නිසා ජායිපූර් කී‍්‍රඩාංගණයේදී මේ වසර පුරාම අපරාජිතව සිටීමට රාස්තාන් රෝයල්ස් පිලට හැකි විය.

පා දග පන්දුව වැඩිපුර දග කැවීමට යුහුසුළු නොවූ නමුත් එය වේගයෙන් පිතිකරුවාගේ පාදය වෙත යොමු කිරීමෙන් ප‍්‍රවීන් සාර්ථක ප‍්‍රතිඵල නෙළා ගත්තේය.
තම්බේ පන්දු යැවීමට එන විට  ඕවර 6 කදී කඩුලූ 2 කට ලකුණු 41 ක් ලබා සිටි චෙන්නායි සුපර් කිංග්ස් පිල තම්බේගේ පන්දු  ඕවර 4 නිමා වන විට  ඕවර 13 කදී කඩුලූ 7 කට ලකුණු 73 ක් දක්වා ඇද වැටී තිබිණ.

 


අදහස් (0)

තම්බේ රාජස්තාන් පිල අවසන් තරගයට ගෙනයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.