Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද ලක්නව් නුවර සිට..)
එක් අන්තකින් තමා ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පීඩනයට පත්කර තිබූ අවස්ථාවේදී අනෙක් අන්තයෙන් තවත් පන්දු යවන්නකු එම පීඩනය වැඩි කළා නම් ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගය ජයග්‍රහණයකින් නිමා කිරීමට අවස්ථාව තිබූ බව වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුෂංක කියයි. ඔහු ඒ බව කියා සිටියේ තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“මගේ පන්දු යැවීම ගැන සතුටුයි. ඒත් තරගය පරාජය වීම ගැන ලොකු දුකක් තියෙනවා. ඔවුන්ට (ඕස්ට්‍රේලියානුවන්ට) අඩු ලකුණු සංඛ්‍යාවක් තිබුණෙ හඹායන්න. ඒ නිසා තරගය ජයගන්න නම් අපිට කඩුලු දවාගන්නම වෙනවා. ඒ නිසයි මම එක පැත්තකින් දිගටම ආක්‍රමණශීලි අයුරින් පන්දු යැවුවෙ. අනිත් පැත්තෙනුත් හොඳ සහයෝගයක් ලැබුණා නම් අපිට තරගය වෙනස් කරන්න තිබුණා කියලා මම හිතනවා” යැයි ඩිල්ෂාන් පැවසීය.
මිචෙල් මාෂ් වෙත යැවූ සිය පළමු ඕවරය නිලකුණු ඕවරයක් බවට පත් කළ ඩිල්ෂාන්, දෙවැනි ඕවරයේ පළමු පන්දුවේදී ඩේවිඩ් වෝනර්ද, අවසන් පන්දුවේදී ස්ටීවන් ස්මිත්ද කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගත්තේ එම ඕවරයේදීද ප්‍රතිවාදීන්ට එක් ලකුණක් හෝ ලබාගැනීමට අවස්ථාක් නොදෙමිනි. ඒ අනුව පළමු ඕවර 2 අවසානයේ ඔහුගේ පන්දු යැවීම 2-2-00-2 ලෙස සටහන් විය.
ඩිල්ෂාන්ගේ එම පන්දු යැවීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු පුවරුව ඕවර 4 ක් අවසානයේ ලකුණු 24 කට කඩුලු 2 ක් ලෙස දැක්විණ. තවමත් 23 වැනි වියේ පසුවන මෙම තරුණයා, පිතිකරුවන්ට වාසි දායක තණතිල්ලක ඕස්ටේලියාව වැනි ප්‍රබල කණ්ඩායමට එරෙහිව නිරත වූ එම පන්දු යැවීම ක්‍රිකට් විචාරකයන්ගේ මහත් පැසසුමට ලක්විය.
“මේ වගේ තණතිලිවල පන්දු යවනකොට නියමිත එල්ලයේ පන්දු යවන්න ඕන. ඉඩ දෙන්න දෙන්න පිතිකරුවෝ ලකුණු ලබාගන්නවා. ආරම්භක පිතිකරුවො හොඳින් ක්‍රීඩා කරලා අරන් දීපු වාසිය දිගටම පවත්වාගෙන යන්න අපිට බැරි වුණා. මම හිතනවා ලකුණු 270 ක්වත් ලබාගෙන තිබුණා නම් අපිට හොඳ තරගයක් දෙන්න තිබුණා කියලා.” යැයිද ඩිල්ෂාන් කීවේය.
මුල් ඕවර 10 තුළ ඕවර 5 ක් යවමින් එය ලකුණු 14 කට සීමා කළ ඩිල්ෂාන්, දෙවැනි වර පන්දු යැවීමට කැඳවූ අවස්ථාවේදී මානස් ලැබුෂේන්ගේ කඩුල්ලද දවාගැනීමට සමත් වූයේ ඔහු සහ ජොෂ් ඉංග්ලිෂ් එක්ව ඒ වන විට ඕස්ට්‍රේලියානු ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ ලකුණු 77 ක සම්බන්ධතාවද බිඳ දමමිනි. තරග අවසන් වන විට ඕවර 9 ක් යවමින් ලකුණු 38 කට කඩුලු 3 ක් දවාගැනීමට ඩිල්ෂාන් සමත්ව සිටියේය.
එක්දින ලෝක කුසලාන තරගයකදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා පන්දු යවන්නකු දැක්වූ දෙවැනි හොඳම දක්ෂතාව එය වූ අතර එම ලැයිස්තුවේ ඔහුට ඉදිරියෙන් සිටි චමින්ද වාස් 2003 ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු 34 කට කඩුලු 3 ක් දවාගෙන තිබිණ. ඩිල්ෂාන්ගේ පන්දු යැවීම එසේ සටහන් වෙද්දී, මෙම තරගය තුළ සෙසු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පන්දු යැවීම සටහන් වූයේ ඕවර 26.2 කදී ලකුණු 177 කට එක් කඩුල්ලක් ලෙසිනි.
“පුහුවීම්වලදි මම හුඟක් මහන්සි වෙනවා අලුත් දේවල් ඉගෙන ගන්න. පුහුණුකරුවන්ගෙන් ඒ සඳහා මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ හැකියාව තමයි අලුත් පන්දුව දෝලනය කරන එක. මම හිතනවා මේ තරගයේදි ඒකෙන් ප්‍රයෝජන ගන්න මට පුලුවන් වුණා කියලා. ඒ වගේම තමයි රෑට පන්දු යවද්දි පින්නත් එක්ක පන්දුව දෝලනය වෙන ප්‍රමාණය වැඩියි. මේ තරගයේදි ඒකත් හුඟක් බලපෑවා.” යැයිද ඩිල්ෂාන් සඳහන් කළේය.
Ranjith Wednesday, 18 October 2023 07:46 AM
විකට් එකට විකට් බෝල් කරන්න පුළුවන් අය තමයි මැච්වලට දාන්න ඕනෑ. ස්පීඩ් එකෙන් වැඩක් නෑ. ස්ලෝ වුණත් විකට් එකට කෙළින් බෝල් කළ යුතුයි. ලකුණු ගහන විදිහට බෝනස් ගෙවන්න හා ඇටේනබල් කැච්වලට හා පන්දු රැකීමේ හැකියාවට ගෙවීමක් වගේ බලන්න ඕනෑ. කළින් සෙල්ලම් කළ තරගවල සාමාන්‍යය බලන්න ඕනෑ. සිස්ටම් එකකට යා යුතුයි. තනිවම නොවේ, ටීම් එකක් විදිහට... මැච් ගහන හැටි කියලා දෙන්න. මම මගේ රටට ආදරෙයි.
Reply 0 0
12th man Thursday, 19 October 2023 01:23 AM
හරියටම හරි. මේ කොල්ලා විතරයි හරියට ලයින් එකට කළේ...!
Reply 0 0
පී.ඒ.මහින්දරත්න Thursday, 19 October 2023 12:01 PM
හොඳ තරගයක් දුන්නා තමා. නමුත් අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ලෝක කුසලානය දිනපු වෙලාවේ, අවසන් තරගය තිබුණේ ඔය ඕස්ට්‍රේලියාව සමග තමයි..
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.