Last Update  :  2025-04-22 18:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තරග දෙකක් දිනන්න ඕනා - චමරි

තරග දෙකක් දිනන්න ඕනා - චමරි

Nisanka Sandeepani - 2019 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත පිලට එරෙහිව සූරියවැවදී මේ මස 16 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියේ අවම වශයෙන් තරග දෙකක් ජය ලබා ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීම තම අරමුණ බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා චමරි අතපත්තු පවසයි. 

“මම කොහොම හරි ලකුණු රැස්කරන්න ඕනේ. එහෙම උණොත් කණ්ඩායම ජයග්‍රහණයට යන්න හොඳ අවස්ථාවක් තියෙනවා. හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධනත් දස්කම් අතර ඉන්නවා” යැයි අතපත්තු වැඩි දුරටත් පැවසුවාය.

එංගලන්ත පිලේ නායිකා හෙදර් නයිට් පැවසුවේ දඟ පන්දු යවන්නියන් තිදෙනකු සමඟ ප්‍රබල කණ්ඩායමක් මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවයි. 2021 වසරේ නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස මෙම තරගාවලිය පැවැත්වේ. 

තරගාවලියේ පළමු එක්දින තරග දෙක සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ මස 16 සහ 18 දෙදින පැවැත්වේ. අවසන් එක්දින තරගය 21 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

විස්සයි20 තරග තුන මේ මස 24, 26 සහ 28 යන දිනවල කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 ඡායාරූපය: ක්‍රිෂාන් ශෂික රණසිංහ   

 


අදහස් (0)

තරග දෙකක් දිනන්න ඕනා - චමරි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.