Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තර්ස්ටන් විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

තර්ස්ටන් විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

රොෂාන් ගුණරත්න - 2019 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය අද (26 වැනිදා) සමත්විය.

කොළඹ තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයට එරෙහිව කඩුලු 6 ක ජයක් ලබාගැනීමට තර්ස්ටන් විද්‍යාලය සමත්විය. 

බිමර රණතුංග සහ අයේෂ් හර්ෂණ කඩුලු 3 බැගින් දවාගනිමින් සා. සර්වේශස් විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූ අතර යොහාන් ලියනගේ සහ ජයවිහාන් මහවිතාන ලකුණු 46 බැගින් රැස්කරමින් තර්ස්ටන් විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

සා. සර්වේශස් විද්‍යාලය - ඕවර 44 කදී සියලුදෙනා දැවී ලකුණු 173
(රිසිර ලක්වින් 52, පසිඳු මනුප්‍රිය 29, නවීන් ශෂිත් 28, ගිහාන් කළිඳු 20, බිමර රණතුංග 28/3, අයේෂ් හර්ෂණ 36/3)

තර්ස්ටන් විද්‍යාලය - ඕවර 31.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 178
(යොහාන් ලියනගේ 46, ජයවිහාන් මහවිතාන 46, නිමේෂ් පෙරේරා නොදැවී 27, රනේෂ් සිල්වා නොදැවී 24, කේසර නුවන්ත 40/3)


අදහස් (0)

තර්ස්ටන් විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.