Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 7 ක ජයක්

ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 7 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2019 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයට එරෙහිව කඩුලු 7 ක ජයක් ලබාගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ඊයේ (21 වැනිදා) සමත්විය. මෙම තරගය මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තුන්ඉරියව් දස්කම් දැක්වූ අභිෂේක් ආනන්දකුමාර් (110) ශතකයක් සහ කඩුලු 2 ක් ද උමේර් රායිසන් (56) අර්ධ ශතකයක් සහ කඩුලු 4 ක් දවාගනිමින් ත්‍රිත්ව විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූව. සාන්ත සර්වේශස් විද්‍යාලීය පළමු ඉනිමේදී ලකුණු 07 කට කඩුලු 6 ක් දවාගනිමින් ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීමට මතීෂ පතිරණ සමත්විය.

ත්‍රිත්ව විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 66.4 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 251
(අභිෂේක් ආනන්දකුමාර් 110, උමේර් රායිසන් 56, තෙවින් අමරසිංහ 45, දිනිත සිරිවර්ධන 22, කේසර නුවන්ත 72/7)

සා.සර්වේශස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 46.4 කදී සියලුදෙනා දැවී ලකුණු 121
(පුෂ්පිත දිල්ශාන් 58, හිරුණ අංජන 20, කේසර නුවන්ත 21, මතීෂ පතිරණ 07/6, රුවින් පිරීස් 50/3)

සා.සර්වේශස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 54 කදී සියලුදෙනා දැවී ලකුණු 162
(කේෂර නුවන්ත 72, පුෂ්පිත දිල්ශාන් 20, උමේර් රායිසන් 49/4, කවිඳු ඩයස් 18/2, අභිෂේක් ආනන්දකුමාර් 34/2)

ත්‍රිත්ව විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 5.3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 38
(රනුද සෝමරත්න නොදැවී 22, මදුශාන් ද සිල්වා 14/2)

 


අදහස් (0)

ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.