Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ත්‍රිත්ව විදුහල කඩුලු 10 ක ජයක් ලබයි

ත්‍රිත්ව විදුහල කඩුලු 10 ක ජයක් ලබයි

editorial - 2019 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර ගාල්ල අනතර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 10 ක ජයක් අත්කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් විය.
 
එහිදී උමේර් රයිසාන් (51) සහ තෙවින් අමරසිංහ (50) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම උවිඳු විමලධර්ම ලකුණු 62 කට කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
 
රිච්මන්ඞ් විදුහල් පළමු ඉනිම - ඕවර 46.2 කදී සියලු දෙනා දැවී 110
(තවීෂ අභිෂේක් 26, සඳුන් මෙන්ඩිස් 24, උවිඳු විමලධර්ම 39/4, අභිෂේක් ආනන්දකුමාර් 04/2, තෙවින් අමරසිංහ 13/2, රුවින් පීරීස් 23/2)

ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 68 කදී සියලු දෙනා දැවී 211
(උමේර් රයිසාන් 51, තෙවින් අමරසිංහ 50, දිනිත සිරිවර්ධන 24, ජෙස් වීරසිංහ 24, තරින්ද නිර්මාල් 52/4, සඳුන් මෙන්ඩිස් 48/3)

රිච්මන්ඞ් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 44 කදී සියලු දෙනා දැවී 104
(තවීෂ අභිෂේක් 23, රනුද සෝමරත්න 39/4, උවිඳු විමලධර්ම 23/3, රුවින් පීරීස් 04/2)

ත්‍රිත්ව විදුහල් දෙවැනි ඉනිම - ඕවර 1 කදී කිසිවකු නොදැවී 04

-036


අදහස් (0)

ත්‍රිත්ව විදුහල කඩුලු 10 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.