Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ වැඩිමහල් දියණිය වන ලිමන්සා තිලකරත්න මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා වයස 23 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටින්නීය. මෙරටදී සහභාගි වූ පළමු තරගයේදීම කාගෙත් අවධානය දිනාගත් ඇය මේ වන විට ක්‍රීඩා ලෝලීන් අතර දැඩි කතාබහට ලක්ව ඇති ක්‍රීඩිකාවක් බවට පත්ව ඇත.
තවමත් 14 වැනි වියේ පසුවන ලිමන්සා, වමතින් පිත්ත හසුරුවන මුල් පෙළ පිතිකාරිණියකි. දක්ෂ පා දඟ පන්දු යවන්නියක් මෙන්ම දක්ෂ පන්දු රකින්නියක්ද වන ඇය, ගාල්ල කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ පළමු තරගයේදීම ලකුණු 9 කට කඩුලු 2 ක් දවාගනිමින් දක්ෂ උඩ පන්දු රැකගැනීමකද නිරත වූවාය.
ඕස්ටේ්‍රලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත වයස 16 න් පහළ කණ්ඩායමට සහ මෙල්බර්න් ක්‍රිකට් සමාජ කාන්තා කණ්ඩායමට ඇතුළත්ව සිටින ලිමන්සා, එරට ප්‍රිමියර් ලීග් තරගාවලියකට සහභාගි වී ඇති ලබාලම ක්‍රීඩිකාවද වන බවද ඇගේ පියා වන තිලකරත්න ඩිල්ෂාන් ‘ලංකාදීප’යට කියා සිටියේය. දියණිය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඩිල්ෂාන් මෙසේද පැවසීය.
“එයා ක්‍රිකට් ක්‍රීඩා කරන්න පටන් තවම අවුරුදු 3 ක් වගේ. ඒත් ඒ අවුරුදු 3 ට මම එයාගේ ලොකු දියුණුවක් දැක්කා. ඕස්ටේ්‍රලියාවේ ප්‍රීමියර් තරගාවලියකට ක්‍රීඩා කරපු ලාබාලම ක්‍රීඩිකාව වෙන්න එයාට පුළුවන් වුණා. එයා ඕස්ටේ්‍රලියාවෙදි දිගින් දිගටම දක්වපු දස්කම් නිසා තමයි ශ්‍රී ලංකා අන්තර් පළාත් අවුරුදු 23 න් පහළ තරගාවලියට එයාව තේරුණේ.”
“වික්ටෝරියා ප්‍රාන්ත අවුරුදු 16 න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරනකොට එයාට වයස 12 යි. ක්‍රීඩා කරපු පළමු තරගයේ පළවෙනි ඕවරයෙදිම කඩුල්ලක් දවාගන්න එයා සමත් වුණා. වික්ටෝරියා කණ්ඩායම නියෝජනය කරලා දක්වපු දක්ෂතා නිසා එයාව මෙල්බර්න් ක්‍රීඩා සමාජයට තෝරගත්තා. මෙල්බර්න් ක්‍රීඩා සමාජය නියෝජනය කරපු පළමු යොවුන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරගයකදී එයා කඩුලු ත්‍රිත්වයක් දවාගත්තා.” යැයි ඩිල්ෂාන් කීය.
“අන්තර් පළාත් තරගාවලියට සූදානම් වෙන්න එයා ද්‍රවිඩ සංගම් ක්‍රීඩාංගණයේ මාස 3 ක් එක දිගට පුහුණුවීම් කළා. මොකද මෙය ක්‍රීඩාංගණයි, ඕස්ටේ්‍රලියාවෙ ක්‍රීඩාංගණයි අතරෙ ලොකු වෙනසක් තියෙනවා. තාම එයා ක්‍රීඩා කළේ එක තරගයක් විතරයි. ඒ තරගයෙදි එයා රැකගත්ත උඩ පන්දුවක ඡායාරූපයක් සමාජ මාධ්‍යවල වයිරල් වෙලා තියෙනවා මම දැක්කා.“
“ඒක දැකපු ගොඩක් අය කිව්වා දුවත් තාත්තා වගේම පන්දු රැකීමෙන් ඉහළ දස්කම් දක්වයි කියලා. එහෙම ප්‍රතිචාර ලැබෙනකොට ගොඩක් සතුටුයි. මේ තරම් අඩු වයසකින් ඒ වගේ ප්‍රතිචාර ලැබෙන්නෙ එයාගේ මහන්සියෙ ප්‍රතිඵල නිසයි. එයාගෙ පුහුණුකරු විදියට හැම වෙලාවෙම මම එයත් එක්ක මගේ අත්දැකීම් බෙදා හදා ගන්නවා. පිට්ටනියට ගිහාම ඒක එයාට ලොකු වාසියක් වෙයි කියලා මට හිතෙනවා.” යැයිද ඩිල්ෂාන් කියා සිටියේය.
“එයා අකුරු ලියන්නෙ, කන්නේ බොන්නෙ සේරම කරන්නෙ දකුණු අතින්. ඒත් ක්‍රිකට් ගහද්දි විතරක් වමත්. මම දකුණත් පිතිකරුවෙක් වුනා කියලා එයත් එහෙම වෙන්න ඕන කියලා මම හිතන්නේ නෑ. මම පිට දඟ පන්දු යවන්නෙක්. ඒත් දුව පා දඟ පන්දු යවන්නියක්. මම එයාගෙ පුහුණුකරු විදියට ලොකු ලොකු දේවල් වෙනස් කරන්න ගියෙ නෑ. එහෙම කළා නම් එයාගේ උපරිම දක්ෂතාව එළියට ගන්න බැරි වෙනවා.”
“දුව ක්‍රීඩා කරන්න පටන් ගත්තේ ඕස්ටේ්‍රලියාවේ. ඒත් ශ්‍රී ලංකාව කියන්නෙ මගේ රට. ඉතින් මම එයාගෙන් ඉල්ලීමක් කළා මගේ රටට ක්‍රීඩා කරන්න කියලා. එයා ඒ ඉල්ලීමට එකඟ වුණා. මගේ රටට මම ගොඩක් ජයග්‍රහණය අත්කරලා දීලා තියෙනවා. ඉතින් මම කැමති දවසක මගේ දුවත් ඒ දේ කරනවට. ඒකට තව ගොඩක් කල් තියෙනවා. ඒත් එයා හෙමින් හෙමින් ඒ ඉලක්කයට යාවි කියලා මම හිතනවා.” යැයිද ඩිල්ෂාන් සඳහන් කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.