Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තුන්වැනි එක්දින තරගයේ වේලාවේ වෙනසක්

තුන්වැනි එක්දින තරගයේ වේලාවේ වෙනසක්

editorial - 2021 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් මේ මස 14 වැනිදා පැවැත්වීමට නියමිත තෙවැනි සහ අවසන් තරගයේ ආරම්භක වේලාව සංශෝධනය කළ බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් එක්දින තරගය දිවා-රාත්‍රි තරගයත් ලෙස පැවැත්වීමට කලින් සැලසුම් කර තිබුණු අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11 ට ආරම්භ වීමට නියමිතව තිබුණි.

එහෙත් වේලාව වෙනස් කිරීමත් සමගින් එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ කරනු ඇති අතර ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

හෙට (12 වැනිදා) පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින තරගයේ වේලාව සංශෝධනය කර නොමැති අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.00 ට ආරම්භ වනු ඇත.


-2079

 


අදහස් (0)

තුන්වැනි එක්දින තරගයේ වේලාවේ වෙනසක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.